මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර බලයට පත්කර ගත් අනුප්‍රාප්තිකයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇතැයි ද මාදුළුවාවේ සෝභිත හිමියන් සමග අස්සන් කළ ගිවිසුම සටකපට ලියැවිල්ලක් වී ඇතැයි ද සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය කියා සිටියි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ට ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව විදේශගත විය නොහැකි යැයි ද ආරක්ෂක ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයා ඊට පිළිතුරු දිය යුතු යැයි ද මහාචාර්ය විජේසූරිය වැඩිදුරටත් කියා සිටියි.
ජනාධිපතිවරයා කතා කළ යුත්තේ හොඳ අගමැතිවරයකු පත්කරගැනීම නොව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම බවත් වේදිකා මත සිට දර්ශනය ගැන පුරසාරම් දෙඩුව ද නීතිය මත රට පාලනය කිරීමේ දර්ශනයක් නැති බව ජනාධිපතිවරයා ක්‍රියාවෙන් ඔප්පු කර ඇතිබවත්
ඉදිරි ජනාධිපතිවරණයකදී නැවත පත්කරගැනීමට ජනාධිපතිවරයා නුදුසුස්සෙකු යැයි ද එපරිද්දෙන්ම ඊළග පාර්ලිමේන්තුවක අගමැතිවරයකු වීමට රනිල් වික්‍රමසිංහ නුසුදුස්සෙකු වන බවත්
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රණවිරුවන්ගේ බේරුම්කරුවා හැටියට පෙනී සිටිමින් තමන්ට බලයට ඒමට උදවු කළ දේශපාලන බලවේගයන්ට එන්.ජී.ඕ කාරයන් ලෙස ලේබල් ගැසීම ගර්හාකටයුතු යැයි ද නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු බලයට පත්කර රටේ නීතිගරුක පුරවැසියන් උගෙනගත්තේ ජීවිතයටම අමතක නොවන පාඩමක් බවද කියා සිටියි.

The post ජනාධිපති සිරිසේනටත්,අගමැති රනිල්ටත් , මහින්ද රාජපක්ෂ ආවේශ වේ. appeared first on Lanka News Column.
0 Comments