Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිසියෙන් ස්නයිපර් එළියට යන එක ලොකු ප්‍රශ්නයක් – මහින්ද කියයි.

president-mahinda-rajapaksa-newsfirst-626x380

පොලිසිය වගේ ආයතනවලින් ස්නයිපර් එළියට යනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් බවත් මේවා කාට විරුද්ධවද පාවිච්චි කරන්නේ දන්නේ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටී. ඔහු මෙසේ පැවසූයේ ඊයේ තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවති පොහෝදින වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා,

“පොලිසිය වගේ ආයතන වලින් ස්නයිපර් එළියට යනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මේව කාට විරුද්ධවද පාවිච්චි කරන්නේ. එක පැත්තකින් කියනවා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මරන්න ඉන්නවා කියලා. අපිට මෙහෙන් තර්ජන. කාව මරන්න මේවා ගන්නවද කියල අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මරන්න කියල කුමන්ත්‍රණය කරපු කටහඩවල් ඔක්කොම තියෙද්දී ඒ අයට මුකුත් කරන්නේ නෑ. කාටද කියන්නේ අපි මේවා. ඩොලර් එක ඉහළ ගියා කියන එක ආර්ථිකයට බලපාන්නේ නැත්තේ නැහැ. බලපාන්නේ නැති හැටි පේනවනේ මිනිස්සුන්ට. දැන් ඇයි කාර් වල මිල හිටපු ගමන් වැඩි වුනේ. පිටරටින් ගේන හැම භාණ්ඩයකම මිල රුපියල් වලින් වැඩියෙන් ගෙවන්න ඕනනේ දැන්. එතකොට මොකක්ද තත්වය. අපි දැන් හාල්, පරිප්පු, සීනි ඔය හැම එකක්ම ගෙන්වනවා. වගා කරන්නේ නෑනේ. අපේ කාලේ නම් ඔය සමහර ඒව ගෙන්නුවේ නෑ. සීනි කර්මාන්තශාලා දෙකක සීනි ගොඩගහගෙන තියාගෙන ඉන්නවා. ඒව එලියට දාන්නෙත් නෑ.  ඇත්තවශයෙන්ම මේ අය කළමණාකරනයක් කරන්නේ නැහැ.”

 “ලංකා බැංකුව, මුදල් අමාත්‍යංශය ඇතුළු රජය වහාම මැදිහත් වෙලා යම් පියවරක් ගන්න ඕන. ඒක ඔහේ පාවෙන්න ඉඩඇරලා තියලා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ම කියන කොට තව තවත් ඩොලරයේ අගය ඉහළ යනවා කියලා මේක නතර කර ගන්න පුළුවන්ක මක් නැහැ. අපේ කාලයෙත් මීට වඩා අමාරු කාලයක් රටේ තිබුණා. යුද්ධය තියෙන වෙලාවේදී. 2007 ඉදලා 2012 වෙනකල් තිබුණු ආසියානු රටවල් වල ආර්ථිකය මහා කඩාවැටීමක් වුනා. නමුත් අපි එය කඩාවැටීමට ඉඩ නොදී තියාගෙන හිටියා. අපිට ඒක පුළුවන්කම තියෙනවානම් මෙයාලාටත් පුලුවන්කම තියෙන්න ඕන. මෙයාලා වෙන වෙන දේවල් වලට හිත යොමුකරල තියෙන නිසා පලිගැනීම් හැර වෙන දෙයක් ගැන හිතන්නේ නැති නිසා ඒ අයට වෙලාවක් නැහැ මේ ගැන හොයන්න. බොරු කථා කර කර යනවා ණය වැඩි ණය වැඩියි කිය කිය. දකුණේ විතරක් නෙවෙයි දැන් මුළු රටේම පාතාලය හිස ඔසවලා තියෙනවා. උතුරේ ඊටත් වඩා දරුණු විදියට හිස ඔසවලා තියෙන්නේ. උතුරේ ආවා කල්ලිය මර්ධනය කරන්න කියනවා. පොලිසියේ වගකීමක් ඒක. ඔවුන් ක්‍රියාත්මක වෙන්න ඕන. දවසගානේ මිනී මරනවනේ. ඉතිහාසයට වඩා දරුණු විදියට දැන් ඇවිල්ලා තියෙනවා. අපේ කාලයේ මේවා මර්ධනය වුනා. දැන් ආයෙමත් ඇවිල්ලා. රජයට මේවා පාලනය කරන්න බැහැ.”යැයිද පැවසීය.

The post පොලිසියෙන් ස්නයිපර් එළියට යන එක ලොකු ප්‍රශ්නයක් – මහින්ද කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();