Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙ‍ළඳ සේවා සය සාමාජික ක්‍රිකට් සැප්: 7 වැනිදා සිට

Author(s): 
ගීෂා මුණසිංහ

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂික සංවිධාන කරන වෙළඳ සේවා සය සමාජික ක්‍රීකට් තරගාවලිය සැප්තැම්බර් 7 වැනි දා සිට 9 වැනිදා දක්වා පැවැත් වෙයි. තරගාවලිය සඳහා අඛණ්ඩව දෙවන වරටත් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනැන්ස් පොදු සමාගම (CDB) අනුග්‍රහකත්වය පිරිනමා ඇත.

2018 වෙළඳ සේවා සය සාමාජික ක්‍රීකට් තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර තරගාවලිය සඳහා කාණ්ඩ දෙකෙන්ම කණ්ඩායම් 66 ක් තරගාවලියට එක්ව සිටී. ‘A’ කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් 21ක් තරගාවලියට එක්වන අතර ‘B’ කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් 48ක් තරගාවලියට එක් වෙයි.

තරගාවලිය ආරම්භවන සැප්තැම්බර් 7 වැනි දා . ‘A’ කාණ්ඩාය තරග කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය හා වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙන අතර සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වෙන . ‘B’ කාණ්ඩාය තරග වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, වෙස්ලි ක්‍රීකට් ක්‍රීඩාංගණය, සාන්ත ජොශප් විද්‍යාල ක්‍රීඩාංගණය හා මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයෙදී පැවැත් වෙයි. අවසන් දිනය වන සැප්තැම්බර් 09 වැනිදා තරග කෝල්ට්ස් ක්‍රීකට් ක්‍රීඩාංගණය, ශාන්ත ජෝශප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදි හා වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විමට නියමිතය. අවසන් තරගය හා කුසලාන ප්‍රදානය වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විමට නියමිතය.

ජයග්‍රහකයන් උදෙසා CDB අභියෝගතා කුසලානය පිරිනැමීමට නියමිත අතර අනු ශූරතාවට අමතරව කාණ්ඩ දෙකෙන්ම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන කණ්ඩායම සහ ක්‍රීඩකයන් හට ද කුසලාන පිරිනැමීමට නියමිතය. එක් එක් කාණ්ඩයේ විශිෂ්ටතම පිතිකරුවා විශිෂ්ටතම පන්දු යවන්නා හයේ පහර වැඩිම සංඛ්‍යාවක් එල්ල කරන ක්‍රීඩකයා අවසන් තරගයේ විරයා සහා තරගාවලියේ වීරයාට ද කුසලාන පිරිනැමීමට නියමිතය.

තරගවලිය ගැන මාධ්‍ය හමුවක් පසුගියදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ පැවැති අතර වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ CDB ආයතනය තරුණ ක්‍රිඩක ක්‍රීඩිකාවන් නගාසිටුවීම සඳහා අඛණ්ඩව දක්වන කැපවිම අගය කල යුතු බවයි. මෙම සය සමාජික තරගාවලිය නියෝජනය කරමින් මෙරට ප්‍රධාන පෙලේ ක්‍රීඩකයන් බොහෝමයක් එක්වීම මෙහි විහේෂත්වයක් බවද ඒ මහතා පැවැසීය.

විවිධ අංශ ඔස්සේ කුසලතා පූර්ණ තරුණ තරුණියන් නගාසිටුවීමේ පදනමකින් යුතුව කටයතු කරමින් සිටින CDB මුල්‍ය ආයතනය ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රිය ක්‍රිඩාවක් වන ක්‍රිකට් ක්‍රිඩාව තුළින් ජාත්‍යන්තර තලය තුළ කැපී‍පෙනෙන ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සමග එක්ව මෙම තරගාවලියට අනුග්‍රහකත්වය පිරිනැමීමට කටයුතු කරන බවත්, තම කුසලතාවය තුලින් ජාතික සංවර්ධනය සඳහා අනාගතයේදී කුමන හෝ ආකාරයකින් දායකත්වය ලබාදෙන බව අප දන්නා නිසාම මෙවැනි තරගාවලි සමඟ සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳ බෙහෙවින් සතුටු වන බවත් මාධ්‍ය හමුවට එක්වෙමින් CDB මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන ණය නිලධාරී සසින්ද්‍ර මුණසිංහ මහතා පවසා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();