අමෙරිකානු ගොල්ෆ් ශූර ටයිගර් වුඩ්ස් වසර පහකට පසු යළිත් ජයග්‍රහණයේ මාවතට පිවිසෙයි. ඒ පීජීඒ ටුවර් තරගාවලියේ පළමු ස්ථානය හිමි කර ගනිමිනි. එය ඔහුගේ 80 වැනි පීජීඒ ජයග්‍රහණයයි. ටයිගර් වුඩ්ස් වසර පහක් පුරා ගොල්ෆ් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටියේ ශාරීරික ආබාධ හේතුවෙනි.
යළිත් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි වනු ඇතැයි පසුගිය වසරේ පැවසූ ටයිගර් වුඩ්ස් මේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ එය විශ්වාස කිරීමටත් නොහැකි ජයග්‍රහණයක් බවයි. වසර පහකට පසුව නැවතත් ජයග්‍රහණය කිරීමට මූලික වූයේ තම විශ්වාසය බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
මේ ජයග්‍රහණයත් සමඟ ටයිගර් වුඩ්ස්, ලබන සතියේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත Ryder Cup තරගාවලිය නියෝජනය කරන අමෙරිකානු කණ්ඩායමේ සාමාජිකයෙකු වනු ඇත.
කොඳු ඇට පෙළෙහි ආබාධයක් හේතුවෙන් ටයිගර් වුඩ්ස් පසුගිය වසර කීපය තුළ ශල්‍යකර්ම කීපයකට ම භාජනය කෙරුණු අතර ආසන්න මාස 19 ක කාලයක් තුළ කළ තෙවන ශල්‍යකර්මයට ද පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ දී මුහුණ දීමට ටයිගර්ට සිදු විය.
0 Comments