Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රු. කෝටි 3කට අධික මුදලක් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

woman-arrest

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්තිඩිය සහ බොරලැස්ගමුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පොලීසිය සඳහන් කර ඇත්තේ, සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක් එලෙස වංචා කොට සාවද්‍ය පරිහරණය කර ඇති බව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු එම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.

26 සහ 32 හැවිරිදි වියේ පසුවන සැකකාරියන් බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචිකාරියන් බවත්  ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post රු. කෝටි 3කට අධික මුදලක් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();