Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජවිපෙ සහ සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 20ගැන සාකච්ඡාවක්.

jvp

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ වනවිට කොමියුනිස්ට් පක්ෂය සමඟ 20වැනි සංශෝධනය සම්බන්යෙන් පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ. පසුගිය සතියේ ජවිපෙ නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකයින් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

“සෝභිත නායක හාමුදුරුවන්ගේ ප‍්‍රධාන සටන්පාඨයක් වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනයි. උන්වහන්සේ වසර ගණනක් තිස්සේ ඒ වෙනුවෙන් සටන් කළා. මේ සංවිධානය හැදුවෙත් ඒ සඳහා. අපි කරන්න ඕන දෙයක් ඔබතුමාලා මේ කරන්නේ. ඒ ගැන ඔබතුමාලට ස්තූතිවන්ත වෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එන යෝජනාවකට අපි සහය දෙනවා. මේ සම්බන්ධයෙන් අපි ජනතාව දැනුවත් කරන වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න කැමතියි.” සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකයෝ ජවිපෙ නායකයින්ට දැනුම් දුන්හ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීමක් වූ එම කරුණ ඉටු කිරීමට කටයුතු කරන ඕනෑම පාර්ශ්වයක් සමඟ තම ව්‍යාපාරය එකඟ වන බව එහි ප‍්‍රධාන ලේකම් පාලිත ලිහිණිය කුමාර රාජගිරියේදී පසුගිය දා පැවැති මාධ්‍ය හමුවේදී සිය සංවිධානයේ මතය රටට ප‍්‍රකාශ කළේය.

The post ජවිපෙ සහ සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 20ගැන සාකච්ඡාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();