Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 18ක් පැරණි මීටර් 800 වාර්තාව මාදම්පේ සේනානායක ජාතික පාසලෙන් බිඳ දමයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය 88 වැනි වරටත් සංවිධාන කරන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේදී වසර 18ක් පැරණි 16න් පහළ පිරිමි මීටර් 800 ඉසව්වේ නව තරග වාර්තාවක් බිහි කිරීමට මාදම්පේ සේනානායක ජාතික පාසලේ ළහිරු අවිශ්ක සමත් වෙයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ දෙවැනි දිනට පැවැති මෙම ශූරතාවලියේදී ළහිරු විසින් විනාඩි 1:59.02කින් වාර්තාව බිහිකළ අතර, බිඳ වැටුණේ වසර 2000දී වලල ඒ. රත්නායක විදුහලේ ජී. එම්. පුෂ්පකුමාර විනාඩි 1:59.2කින් පිහිටවා තිබූ වාර්තාවය.

මේ මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ දෙවැනි දිනයේ දහවල්වන විට තවත් නව තරග වාර්තා කිහිපයක් බිඳ හෙළීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටියහ.

එම බාලක නව තරග වාර්තා මෙසේය:

වයස 20න් පහළ පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්ව තත්පර 52.69කින් සාන්ත පීතර් විදුහලේ පී. එල්. කොඩිකාර (පැරණි වාර්තාව තත්.53.7 ළහිරු ප්‍රසන්ජිත් හොරණ තක්ෂිලා), 18න් පහළ පිරිමි උස පැනීම මීටර් 2.10 කොළඹ රාජකීය විදුහලේ එස්. ටී. අමරසිංහ (පැරණි වාර්තාව මී.2.08 ආර්. ඩී. රණතුංග ගොඩකවෙල කුලරත්න වි.), 18න් පහළ පිරිමි මීටර් 400 සහය දිවීම තත් 41. 88 රාජකීය, තත්. 42.14 සාන්ත පීතර්, තත්. 42.53 සාන්ත බෙනඩික්ට්, තත්. 42.93 මීගමුව ජෝෂප් වාස් (පැරණි වාර්තාව තත්. 42.94 සාන්ත බෙනඩික්ට් වි.), 20න් පහළ පිරිමි මීටර් 100 සහය දිවීම තත්. 41. 73 සාන්ත පීතර් විදුහල, තත්. 42.43 මීගමුව මාරිස්ටෙලා විදුහල (පැරණි වාර්තාව තත්. 42.5 සාන්ත බෙනඩික්ට් වි., මාතර රාහුල), වයස 18න් පහළ පිරිමි මීටර් 200 තත් 21.92 රමේෂ් මල්ෂාන් මීගමුව මාරිස්ටෙලා විදුහල (පැරණි වාර්තාව තත්. 21.97 ආසිරි විජේසේකර රාජගිරිය ගේට්වේ ජා. පා)

බාලිකා නව තරග වාර්තා:

18න් පහළ කාන්තා මීටර් 2000 බාධක දිවීම පාරමී වසන්තී කුලියාපිටිය මධ්‍ය මහා විදුහල විනාඩි 6:37.9 (පැරණි වාර්තාව වි. 7. 16. 40 ජේ. එම්. කනගරත්න වලල රත්නායක වි.), 16න් පහළ කාන්තා හෙල්ල විසිකිරීම මීටර් 37. 9 වී. එල්. කේ. හපුආරච්චි සුමන බාලිකා රත්නපුර (පැරණි වාර්තාව මී. 37.70 විශාඛා සංජීවනී වෙන්නප්පුව ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමය), 20න් පහළ කාන්තා මීටර් 5000 විනාඩි 27:58.35 ශෂිකලා දේශානී මාකදුර මධ්‍ය මහා විදුහල (පැරණි වාර්තාව විනාඩි 28:26.79 කේ. එම්. චතුමිණී දෙටගමුව කනිෂ්ඨ පාසල), 18න් පහළ කාන්තා මීටර් 3000 බාධක විනාඩි 9:58.3 පාරමී වසන්තී කුලියාපිටිය මධ්‍ය මහා විදුහල (පැරණි වාර්තාව විනාඩි 10: 18. 35 ඒ. සී. ජයමිනි රත්නපුර සුමන බාලිකා), 16න් පහළ කාන්තා යගුලිය විසි කිරීම මීටර් 13. 15 ඔවිනි චන්ද්‍රසේකර බිෂොප් විදුහල (පැරණි වාර්තාව මී. 12. 68 අමන්තී සිල්වා සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය), 20න් පහළ කාන්ත මීටර් 800 විනාඩි 2:12.67 එම්. එස්. කුමාරසිංහ වලල රත්නායක විදුහල (පැරණි වාර්තාව විනාඩි 2 : 14. 38 නිෂාන්තී දිල්හානී කොළඹ ලුම්බිණි වි.), 18න් පහළ කාන්තා මීටර් 100 සහය දිවීම තත්පර 49. 74 බෙන්තොට ගාමිණී විදුහල (පැරණි වාර්තාව තත්. 49. 90 වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය),

ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 15,000කට අධික ප්‍රමාණයක් සහභාගි වන ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියට රටපුරා පාසල්වලින් ජ්‍යෙෂ්ඨ තරගාවලිය සඳහා අවුරුදු 16න්, 18න් හා 20න් පහළ යන වයස් කාණ්ඩ තුන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරිපත්ව සිටිති.

මේ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් දිනය අදයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();