Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා උපාධිධාරී දීප ව්‍යාප්ත වර්ජනයක් හා උද්ඝෝෂණයක් 12වනදා.

Development_Officers_Service_Union

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂයකට ආසන්න සංවර්ධන සහකාර හා සංවර්ධන නිලධාරීන් ඇතුළු MN – 04 වැටුප් තලයට අයත් සියලූ උපාධිධාරීන් සැප්තැම්බර් 12 සේවයට වාර්තා කිරීමෙන් වැලකී එක්දින වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්ථා වේ. සැප්තැම්බර් 12 දින දීපව්‍යාප්ත වැඩ වර්ජනය දියත් කරමින් එදිනම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.

MN – 04 වැටුප් තලයට අයත් සියලූ උපාධිධාරීන් MN – 05 වැටුප් තලයට අන්තර්ග‍්‍රහණය කිරීම, උස්සවීම් පටිපාටියක් ඇතිකිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, අහිමි කළ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය යලි ලබාදීම, සුදුසු රාජකාරී ලැයිස්තුවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් වැඩවර්ජනයට හා උද්ඝෝෂණ ව්‍යාපාරයට අදාල ඉල්ලීම් ලෙස මේ වන විට ආණ්ඩුවට ඉදිරිපත්කර ඇති බව සඳහන් වේ.

ඉදිරිපත්කර ඇති ඉල්ලීම් ඉතා සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම් වන අතර ඒ සඳහා පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග සඳහා අවතීර්ණවීමට සූදානම් බවත් ඔවුන් අවධාරණය කර සිටී.

සැප්. 12 දින උද්ඝෝෂණය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන බවත් උද්ඝෝෂණ පා ගමන එදින පෙරවරු 11.30ට බොරැල්ල ඞී.එස්. සේනානායක වටරවුම අසලින් ආරම්භ වන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා උපාධිධාරී දීප ව්‍යාප්ත වර්ජනයක් හා උද්ඝෝෂණයක් 12වනදා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();