ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන වෘත්තිය සමිති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී ඊයේ පැවති රැස්වීමේදී දෙපර්ශයක් අතර මත ගැටුමක් හටගෙන ඇති බව සඳහන් වේ.
හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති, මහින්ද කහඳගම ද මේ රැස්වීමට එක්ව සිටි අතර එම රැස්වීමට මහින්ද කහඳගමව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා අවශ්‍ය පැමිණිල්ල ගොනු කළ සමස්ත ලංකා ත්‍රි රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයසේකර ද පැමිණ තිබේ.
ඔහු දුටු සැණින් මහින්ද කහඳගම ඊට සිය විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් මෙලෙස පිටත්ව ගිය බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පැමිණීමෙන් අනතුරුව සාකච්ඡාව ආරම්භ වූ බවත් එහිදී මහින්ද කහඳගම මෙම හමුව සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ බවත් සඳහන් වේ.
The post මහින්ද ආ පොහොට්ටු රැස්වීමේ ගැටුමක්. appeared first on Lanka News Column.
0 Comments