රැකියා විරහිත උපාධිධාරින්, සංවර්ධන නිලධාරි තනතුරේ පුහුණු අවස්ථා සඳහා බඳවා ගනිමින් අභ්‍යාසලාභි පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගිය 20 වන දින අරලියගහ මන්දිරයෙදි පැවැත්වුණු අතර 60000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරින් ගෙන් 4000 කට පමණ පිරිසක් තෝරා ගනිමින් ආණ්ඩුව අභ්‍යාසලාභි පුහුණුව සඳහා බඳවා ගන්නා ලදී.
එම අවස්ථාවට පැවති සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් වැඩි ලකුණු සහිත උපාධිධාරින් 4000 කට වෙන වෙනම පත්වීම් භාර ගැනීම සඳහා වන කැඳවීම් ලිපි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් තැපැල් මගින් යවා තිබුණු බවත් ඒ අනුව අදාල අභ්‍යාසලාභින් පත්වීම් ලිපි බාර ගැනීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි පසු කි‍්‍රයාත්මක වූ දේශපාලන අදිසි හස්තයක් මගින් උපාධිධාරින් පිරිසක් එම අවස්ථාවේ අදාල ලේඛන වලින් ඉවත් කර උත්සවයෙන් ඉවත් කර ඇති බවත් උපාධිධාරි ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එහිදී මෙම අසාධාරණයට ලක්වූ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ වැඩිම ලකුණු ගත් උපාධිධාරින් 14 කට ආසන්න පිරිසක් දේශපාලන පළිගැනීම් වලට ලක්වෙමින් පත්වීම ලබාගැනීමට ගොස් සිටියදී ඉන් ඉවත් කිරීම බරපතල දේශපාලන පළිගැනීමක් බවත් උපාධිධාරි ජාතික මධ්‍යස්ථානය අවධාරණය කර සිටී.
එම දේශපාලන පළිගැනීමට එරෙහිවත්, වහා මෙම අනීතික කටයුත්ත නිවැරදි කරන ලෙසත් ඉල්ලමින් එම දේශපාලන පළිගැනීම් වලට ලක්වූ උපාධිධාරින් අගෝස්තු 29 බදාදා කොළඹදී,
පෙ.ව. 10 ට – ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි ඉදිරිපත් කිරීමත්,
මධ්‍යාහ්න 12 ට – ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලේකම් හමුවීම හා අදාල විරෝධතා ලිපිය ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත් උපාධිධාරි ජාතික මධ්‍යස්ථානය වැඩිදුරටත් එම නිවේදනය මඟින් සඳහන් කර සිටී.
The post දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් වෙනුවෙන් ක්‍රියාමාර්ග. appeared first on Lanka News Column.
0 Comments