විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදීම අනුමත කරමින් එස්.බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය ඒකාබද්ධ විපක්ෂයේ පොදුමතය නොවන බවත් ඔහුගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් ඒකාබද්ධ විපක්ෂයේ උප සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසා සිටී. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදීම අනුමත කරමින් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා විසින් පසුගියදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහර දීම අනුමත කරමින් ප්‍රකාශයක් සිදු කර තිබූ බවත් ඒ ප්‍රකාශය ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය නොවන බවත් පෙන්වා දෙන ඇති මන්ත්‍රීවරයා සයිටම් අර්බුදයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, වාසුදේව නානායක්කාර ඇතුළුව සිය කණ්ඩායම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග සිටින බවත් පවසා සිටී. එමෙන්ම එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ඔහු ප්‍රකාශ කළා යැයි මෙයින් පැහැදිලි වන බවත් පොලුවලින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදීම අනුමත කරමින් එම ප්‍රකාශය සිදු කර තිබූ බවත් ඔහු සඳහන් කර ඇත.
නමුත් කණගාටුවට හේතුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකිවයුතු කිසිදු නායකයෙකු එම ප්‍රකාශයට විරුද්ධව අදහස් නොදැක්වීම බවත් සාධාරණ ශිෂ්‍ය සටන්වලදී විශ්වවිද්‍යාල සිසුන් සමග එකට කටයුතු කර ඔවුන්ට සහයෝගය ලබාදෙන බවට ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදු පෙරමුණ කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
The post එස්.බී. සිදු කළ ප්‍රකාශය ඒකාබද්ධ හෙළාදකී. appeared first on Lanka News Column.
0 Comments