පළාත් පාලන ආයතන නියෝජනය කරන සභිකයින් ද්විත්ව පුරවැසි නම් ඔවුන්ටද එකී සභික ධූර දැරීමට නොහැකි බවට වූ ප්රතිපාදන පළාත් පාලන පනතේ තිබෙන බව මැතිවරණය කොමිෂන් සභාවේ නීති අංශය විසින් හඳුනාගෙන ඇතැයි සඳහන් වේ.
පළාත් පාලන මැතිවරණයට අදාළ සිංහල පනතේ එම ප්රතිපාදන “වෙනත් රටකට පක්ෂපාතී නම් සභික ධූර ලැබිය නොහැකි” ලෙසත් එහි ඉංග්රීසි පනතේ “පොදු රාජ්ය මණ්ඩලයෙන් බැහැර රටකට පක්ෂපාතී නම් සභික ධූර දැරිය නොහැකි ලෙසත් සඳහන්ව ඇතැයි පැවසේ.
The post ද්විත්ව පුරවැසි නම් පුංචි ඡන්දෙත් අහිමි වෙයි. appeared first on Lanka News Column.
0 Comments