පළාත් සභා මැතිවරණ පැවැත්විමට ආණ්ඩුවට දේශපාලනික උවමනාවක් නොමැති බව පැෆ්රල් සංවිධානය පවසා සිටී. වත්මන් ආණ්ඩුවේ කිසිඳු දේශපාලන පක්ෂයක් මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණ නොමැති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභා තුනෙහි නිල කාලය පසුගිය වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවලදි අවසන් වුණි. ඒ අනුව මේ වනවිට එම පළාත් සභා කොමසාරිස් පාලනයකට යටත් කර ඇති අතර එළඹෙන ඔක්තෝබර් මස 08 වනදා මධ්‍යම පළාතෙත් ඔක්තෝබර් මස 10 වනදා වයඹ පළාත් සභාවේත්, ඔක්තෝබර් මස 24 වනදා උතුරු පළාත් සභාවේත් නිල කාලය අවසන් වීමට නියමිතය.
කෙසේවෙතත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට සියලු පළාත් සභාවල මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
The post පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට උවමනාවක් නෑ – පැෆ්රල් appeared first on Lanka News Column.
0 Comments