එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් ධූරයට චිලි රාජ්‍යයේ ජනාධිපතිනියක වූ මිචෙල් බැචලේ පත්වී ඇත. ඒ අනුව ඇය එක්සත් ජාතින්ගේ සංවිධානයේ දහතුන්වැනි මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වශයෙන් පත්විමට නියමිතය. 2010 වසරේ සිට 2018 මාර්තු දක්වා කාලය තුල මිචෙල් බැචලේ චිලිහි ජනාධිපතිනිය වශයෙන් කටයුතු කර ඇත.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියේ ගුටාරස් විසින් ඇය මෙම තනතුරට නම්කරනු ලැබූ අතර පසුගිය 10 වැනි දින ඒ සඳහා පැවති ජන්ද විමසිමේදි පත්කර ඇත. දැනට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් තනතුරේ කටයුතුකරන සෙයිද්රාද් අල් හුසේන් ගේ සේවාකාලය මේ මස 30වැනි දිනෙන් අවසන් වීමට නියමිතවන අතර ලබන මස පළමුවැනිදින සිට මිචෙල් බැචලේ නව මහ කොමසාරිස් තනතුරේ රාජකාරි ආරම්භ කිරිමට නියමිතය. ඒ අනුව ඇය දහතුන්වැනි මහකොමසාරිස් වශයෙන් පත්වන අතර කාන්තාවක් මෙම ධූරයට පත්වූ දෙවැනි අවස්ථාව වශයෙන් සටහන් වනු ඇත. මීට පෙර දකුණු අප්‍රිකාවේ නිතිවේදිනියක වූ නවනිදන් පිල්ලෙය්ද මෙම තනතුරේ කටයුතු කරන ලදි.
The post එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් ධූරයට කාන්තාවක්. appeared first on Lanka News Column.
0 Comments