පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නිර්මාණය කළේ මහා පරිමාණ දුෂණ වංචා සෙවීමට බවත් නමුත් පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා රාජ්‍ය සේවයම අකර්මණ්‍ය කළ බවත් තෝරු, මෝරු ඉද්දී ඇල්ලුවේ හාල් මැස්සන් බවත් රුපියල් පන්සීයේ දාහේ දුෂණ ගැනත් හෙව්ව බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, සෞඛ්‍ය කළමණාකරණ සහකාර සේවයට මනාපය පළ කරන ලද නිලධාරින් සහ නිලධාරිනියන් 1134 දෙනෙකු හට අන්තර්ග්‍රහණ ලිපි ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
2015 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයට එකගතාව පළ කිරීමෙන් පසු සෞඛ්‍ය කළමණාකරණ සේවය යළි ස්ථාපිත කිරීමට හැකියාව ලැබුනි.
මෙම උත්සවය අමතා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“සෞඛ්‍ය අමාත්‍යාංශය අදට වඩා අතීතයේ කාර්යක්ෂමව වැඩ කටයුතු සිදු කළා. ඒ සෞඛ්‍ය කළමණාකරණ සේවය නිසයි. අද 21 වන ශතවර්ෂයට ලගා වුවත් තීන්දු තීරණ නිවැරදිව ගන්නේ නැහැ. නමුත් එදා තීන්දු තීරණ නිවැරදිව ගනු ලැබුවා. ඇතැම් නිලධාරීන් තීන්දු තීරණ ලබා ගැනීමට මැලිවන විට සෞඛ්‍ය කළමණාකරණ සේවා නිලධාරීන් කරුණු පැහැදිලි කරමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අවස්ථාව උදා කළා. නමුත් අද එහෙම කරුණූ ඉදිරිපත් කරන නිලධාරීන් නැහැ. සෞඛ්‍ය සංවර්ධනය වෙනම විෂයක්. සංවර්ධන විෂය අයත් අමාත්‍යාංශ කිහිපයක් තිබෙනවා. ඇතැම් මාධ්‍යයත් වරද්දා ගන්නේ මේ නිසයි. සෞඛ්‍ය වෙනම විෂයක් ලෙස කථා කළ යුතුයි. වෛද්‍ය විද්‍යාව හා බැදුනු මෙම විෂය ඔබ හදාරා තිබිය යුතුයි. රෝහල් අධ්‍යක්ෂවරුන්ට, වෛද්‍යවරුන්ට නොමැති අවබෝධයක් සෞඛ්‍ය ලිපිකරුවන්ට එදා තිබුනා. රාජ්‍ය පරිපාලන කළමණාකරණ සේවය වෙනම සේවාවක්. ඉදිරි කාලයේ දී කළමණාකරණ සේවය, සහකාර සේවය කළමණාකරණ සේවාවක් බවට පත්කරනවා. රාජ්‍ය සේවයේ කළමණාකරුවන් නැහැ. පරිපාලකයින් විතරයි ඉන්නේ. නමුත් පෞද්ගලික අංශයේ කළමණාකරුවන් ඉන්නවා. සෞඛ්‍ය සේවාවේ 140,000 ක් වූ මානව සම්පත කළමණාකරණය කිරිම සදහා තමයි මානව සම්පත් ඒකකයක් නිර්මාණය කළේ. නැතිනම් සෞඛ්‍ය සේවාව සැළසුම් නොමැතිව ඉබි ගමනේ යනවා. අනාගතයට අවශ්‍ය සේවක සංඛ්‍යාව දන්නේ නැහැ. සංඛ්‍යා ලේඛණ නැහැ. නමුත් අද සෞඛ්‍ය සේවයට අවශ්‍ය සේවක සංඛ්‍යාව අපි දන්නවා. සෞඛ්‍ය සේවාව තුල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. ඒවා නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය නිසා විශේෂ ව්‍යාපෘති ඒකකයක් ස්ථාපිත කිරිමට යෝජනා කළත්. තවම එය අවසන් කිරීමට නොහැකි වුනා. ඊට ස්වාධීන් කොමිෂන් සභා වලින් බාධා පැමිණ තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලෙස මමත් ඉල්ලා සිටියා.
ඔබලාගේ සේවාව තුල 1500 ක් පමණ සිටියත් සෞඛ්‍ය කළමණාකරණ සේවයට යළි අන්තර්ග්‍රහණය වන්නේ 1134 ක් පමණයි. 389 දෙනෙකු වෙනත් සේවා ස්ථාන කරා යාමට තීන්දු කරලා. සෞඛ්‍ය කළමණාකරණ සේවය ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 03 ක් ඉදිරිපත් කළා. රාජ්‍ය පරිපාලන නිලධාරින් දැනුවත් කළා. එක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වසරක් තිබුනා. නමුත් 2017 වසරේ දී තමයි එකගත්වය ලැබුනේ. සෞඛ්‍ය කළමණාකරණ සහකාර සේවයේ පුරප්පාඩු 2000 ක් පමණ තිබෙනවා. 2019 වසර අවසන්වීමට ප්‍රථම එම පුරප්පාඩු පුරවනවා.”
“සෞඛ්‍ය සේවාව තුල වසර 30 ක් පුරා ගත් තීන්දු තීරණ වලට වඩා පසුගිය වසර 03 තුල ගත් තීන්දු තීරණ ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කරනවා. නමුත් අපිට බනින මිනිස්සු ඒ ගැන දන්නේ නැහැ. මාධ්‍ය නිසි ප්‍රචාරයක් ලබාදෙන්නේ නැහැ. මෙවැනි අදහස් පළ කරන විට මට පහර ගහයි. නමුත් රට හැදිය යුතුයි. ඡන්ද බලාගෙන තීන්දු තීරණ ගන්න බැහැ. නව සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ විට පෙළපාලි යනවා. එය මාධ්‍ය මගින් පෙන්වා ව්‍යාපෘතියම විනාශ කරනවා. අපේ රටේ විරෝධය තමයි ජනප්‍රිතම මාතෘකාව. කයිවාරු ගසමින් සිටි මිනිස්සු ඇමැතිකම් කළේ කොහොමද කියා ඔබලා දන්නවා නේ. සෞඛ්‍ය කළමණාකරණ සේවය ස්ථාපිත කිරීමේ තීන්දුවේ ප්‍රගතිය තවත් වසර 03 කින් දක්නට ලැබේවි. දුප්පත්කම නිසා අපේ රටේ මිනිසුන්ට මැරෙන්න ඉඩ දෙන්න බැහැ. සෞඛ්‍ය පරමාර්ථය එයයි. සෞඛ්‍ය සදහා ධාවක බලවේගයක් තිබෙනවා. මට හිටපු ලේකම්වරුන්ට වඩා වර්තමාන ලේකම්වරිය හොදයි. ශක්තිමත් කාන්තාවක්. හොද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නවා. නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරු ඉන්නවා. ඉදිරි වසර තුල පසුගාමී වූ ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කළ යුතුයි. ඔබලා බය වෙන්න එපා. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නිර්මාණය කළේ මහා පරිමාණ දුෂණ වංචා සොයන්න. නමුත් පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා රාජ්‍ය සේවයම අකර්මණ්‍ය කළා. තෝරු, මෝරු ඉද්දී ඇල්ලුවේ හාල් මැස්සන්. රුපියල් පන්සීයේ දාහේ දුෂණ ගැනත් හෙව්වා. සෞඛ්‍ය කළමණාකරණ සේවයේ සිටින ඔබ බය නැතිව තින්දු තීරණ ගන්න මම බලා ගන්නම්.” යැයි පැවසීය.
The post තෝරු, මෝරු ඉද්දී ඇල්ලුවේ හාල් මැස්සන්. appeared first on Lanka News Column.
0 Comments