ලෝක කුසලාන කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එහි කාන්තා අනුශූරතාව ද ශ්‍රී ලංකාවට හිමිවිය.
කොරියාවේ චුන්වෝන් හිදී පසුගියදා අවසන් වු පස්වැනි කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි තරග ඉසව්වේදී 3 – 2ක් ලෙස ඉන්දියාව පරදා ලෝක කුසලානය දිනාගැනීමට චමිල් කුරේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන්දීය ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකාව 3 – 0 ක් ලෙස පරාජයට පත්වීමෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය.
කොරියානු කැරම් සම්මේලනයේ සත්කාරත්වයෙන් පැවැති පස්වැනි ලෝක කුසලාන කැරම් තරගාවලියට ආසියානු රටවල් 8ක් ඇතුළුව රටවල් 20ක් සහභාගී වු අතර යුරෝපය නියෝජනය කරමින් යුරෝපා රටවල් 12ක්ද තරගාවලියට එක්ව සිටියේය.
පසුගිය වසරේදී ඉන්දියාව විසින් කාන්තා හා පිරිමි ලෝක කුසලාන දෙකම දිනා ගත් ශ්‍රී ලංකාව අනුශූරයන් විය. මේ වසරේදී කැරම් ශ්‍රේණිගත කිරීම් වල අංක 01 ස්ථානය හිමිව තිබුණේ ශ්‍රී ලංකාවටය. ලෝක කුසලාන කැරම් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සේලාන් බැංකුවේ චමිල් කුරේ (නායක), නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඩ් ෂහීඩ් හිල්ම්, ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරා ඇතුළත් වූහ.
ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ (නායක), නාවික හමුදාවේ ජෝශප් රොසිටා, ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ, යුද හමුදාවේ මධුකා දිල්ශානි ලෝක කුසලාන කැරම් කාන්තා අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූහ.
- ගීෂා මුණසිංහ
0 Comments