Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැටුප් විෂමතා විසඳීමටත් අමාත්‍ය මණ්ඩල යෝජනාවක්.

Mahinda_Samarasinghe

දුම්රිය සේවයේ පමණක් නොව තවත් ආයතන සහ දෙපාර්තමේන්තු 25ක පමණ වැටුප් විෂමතා පවතින බවට මුදල් අමාත්‍යාංශයට ඉල්ලීම් රැසක් ලැබී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසා තිබේ.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැටුප් හා සේවා කොමිසමක් ඇති කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ලබන සතියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලබන බවත් අමාත්‍යවරයා පවසා ඇත. එමෙන්ම එම පත්‍රිකාවට අනුමැතිය ලැබුණහොත් 2019 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන ඔස්සේ මෙම වැටුප් විෂමතා ගැටලුව විසඳිය හැකි යැයි මුදල් ඇමතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ප්‍රකාශ කරනු ලැබූ බවත් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද සමරසිංහ පවසා තිබේ.

The post වැටුප් විෂමතා විසඳීමටත් අමාත්‍ය මණ්ඩල යෝජනාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();