Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි විනිශ්චයට අජිත් ප්‍රියන්ත

ජාත්‍යන්තර කබඩි ක්‍රීඩා තරග විනසුරුවරයෙකු වන ඊ.එම්.අජිත් ප්‍රියන්ත මහතා මේ අගෝස්තු 18 වැනිදා සිට ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි ක්‍රීඩා තරග විනිශ්චය සඳහා එක්වෙයි.

බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා නිලධාරිවරයකු ලෙස දොම්පෙ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන අජිත් ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර නිලධාරිවරයෙකු ලෙසද සේවය කර ඇත. ඔහු 1993 සිට 1998 දක්වා වසර ගණනාවක් ශ්‍රී ලංකා ජාතික කබඩි පිරිමි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

තොටගමුව විජයබාහු මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනයද, හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ද ලැබු ඔහු පාසල් වියේ සිටම ක්‍රීඩාවට සම්බන්ධ වු අතර පසුව සීනිගම පුබුදු ක්‍රීඩා සමාජය, ගාල්ල දිලෙන තරු ක්‍රීඩා සමාජය, ජාතික තරුණ සේවා සභාව, දකුණු පළාත් කබඩි කණ්ඩායම නියොජනය කරමින් විශිෂ්ට දස්කම් දක්වා ඇත.

වසර 2000 ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ලෝක කබඩි සම්මේලනය මගින් පැවැත්වු ජාත්‍යන්තර කබඩි විනිසුරුවන්ගේ පාඨමාලාව සාර්ථකව නිමවා පත්වීම් ලබා සිටින අජිත් ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකාවේ පැවැති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලිය (සාග් 2006), 2 වැනි ආසියානු කනිෂ්ඨ කබඩි තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර (2009), 3 වැනි ආසියානු කනිෂ්ඨ කබඩි තරගාවලිය මැලේසියාවේ සුන්ගායි පතාන් කෙඩා නගරයේ (2011), ශ්‍රී ලංකාවේ හම්බන්තොට මුහුදු වෙරළ තීරයේදී පැවැති 1 වැනි දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ කබඩි තරග, 1 වැනි ආසියානු ප්‍රවීණ කබඩි තරගාවලිය ඉන්දියාවේ බැංගලෝර් නගරය (2013), 2014 ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි තරග විනිශ්චය (දකුණු කොරියවේ ඉන්චොන් නගරය), 2017 ආසියානු කබඩි තරගාවලිය (ඉරානයේ ගුර්ගාන් නගරය) යන අන්තර් ජාතික කබඩි තරග රැසක විනිශ්චය සඳහා මේ වනවිට සහභාගි වී ඇත.

මේ වන විට 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි තරග විනිශ්චයට සහභාගි විමේ භාග්‍යය උදා කරගෙන තිබෙන ඔහු මේ ආ ගමනේදී ඔහුට උදව් උපකාර කළ අය වන ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ හා ශ්‍රී ලංකාවේ කබඩි පියා ලෙස හැඳන්වෙන එම්.ටී ප්‍රනාන්දු මහතා කෘතවේදීත්වයෙන් මතක්කරයි.

ජි.එස්.තැලිගම කිරිඳිවැල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();