තමන් වහන්සේට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන්න ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දුන් බව පැවසේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඉකුත් අගෝස්තු මස 8 වන දා වසර 19 ක සිර දඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවී යා යුතු බව නියම කළේය.
එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මාර්ගයෙන් අභියාචනා අධිකරණයට කරුණු දක්වා තිබේ. එම කරුණු දැක්වීම තුළින් ජනාධිපති නීතිඥවරයා ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ තීන්දුවෙ තිබුණු නීතිමය දෝෂ තුනක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කර ඇත. ඒ අනුව උන්වහන්සේට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිමිකම් තිබෙන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
එහෙත් එම ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය කරුණු ඉදිරිපත් කර ඇත. ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉල්ලා සිටින අභියාචනා ඉදිරිපත් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඤානසාර හිමියන්ගේ ඉල්ලීම ප්රතික්ෂේපකළ බව වැඩිදුරටත් සඳහන් වේ.
The post ඥාණසාර හිමියන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි. appeared first on Lanka News Column.
0 Comments