Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය ගාස්තු වැඩි වෙයි.

Train_Tickets

දුම්රිය ගාස්තු 15% කින් සංශෝධනය කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

දුම්රිය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ පවසා ඇත්තේ, ඊට අදාල ගැසට් නිවේදනය සකස් කර අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි. එමෙන්ම දුම්රිය සේවකයින් පසුගිය දින 4 පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් මිලියන 64 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවී ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ අවසන් කෙරුණේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව අද සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම  සඳහන් කර සිටී.

මේ අතර අද සිට නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බවත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ සඳහන් කර තිබේ. එමෙන්ම  සේවකයින් වර්ජනයේ නිරත දිනයන්හි අසුන් වෙන් කළ මගීන් සඳහා ඊට අදාළ මුදල් ආපසු ලබාදීමට පියවර ගන්නා බවත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post දුම්රිය ගාස්තු වැඩි වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();