Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේ තරුණ පරපුර ලබා ගත යුතු ලොකුම හැකියාව නිර්මාණශීලිත්වයයි..

Minister_Sagala_Youth_Day

අනාගත වැඩ ලෝකය ජයගත හැකි තාරුණ්‍යයක් බිහිකළ යුතු බවත්එහිදී ඒ සඳහා අපේ තරුණ පරපුර ලබා ගත යුතු ලොකුම හැකියාව නිර්මාණශීලිත්වය බවත් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානීතරුණ කටයුතුව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශ කල සිටියේ ඊයේ පැවතිව ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සිය දේශනය ඉදිරිපත් කල අවස්ථාවේදීයි. තරුණ කටයුතුව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සමිති සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවය නෙලුම්පොකුණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා, 

වර්තමන රජය මේ රටේ තරුණ පරම්පරාව සිය සංවර්ධන වැඩපිළිවෙළේ කේන්ද්‍රය ලෙස සලකනවා. විශේෂයෙන්ම වසර 2025 සඳහා වූ අපගේ දැක්ම තුළ තරුණ  පරපුර සවිබල ගැන්වීමට විශාල අවධානයක් යොමු කරලා තියනවා. එක් පැත්තකින් සමාජ සහ ආර්ථික වශයෙන් තරුණයක් සවි බල ගන්වන ගමන්අනෙක් පැත්තෙන් ඔවුන් සංස්කෘතික සහ තාක්ෂණ අංශයෙන් ද ඔවුන් ශක්තිමත් කළ යුතුයි. එසේ කළ විට තමයි අපිට හැම පැත්තෙන්ම පරිපූර්ණ තරුණ පරපුරක් මේ රටේ අනාගතය බාර ගැනීම සඳහා නිර්මාණය කළ හැකි වන්නේ.

අද වන විට ලොව පුරාම තරුණ තරුණියන්ට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ අභියෝග රාශියක් එක්ක. මේ අභියෝග වලින් බහුතරයක් පසුගිය කාලය තුළ ලෝකයේ ශීඝ්‍රයෙන් ඇතිවූ තාක්ෂණික විප්ලවයත් සමග හටගත් දේවල්. ලෝකයේ තරුණ ප්‍රජාව වගේම ලංකාවේ තරුණ ප්‍රජාවත් මේ අභියෝග වලට මුහුණ දී ඒවා ජයගත යුතුයි. තාරුණ්‍යට සුරක්ෂිත තැනක්එහෙමත් නත්නම් “safe place” එකක් හදන්න පුළුවන් ඒ අභියෝග ජයගත හැකි පසුබිම නිර්මාණය කළ විටයි.

මම විශ්වාස කරන විදියට නම් අනාගතයේ දී මේ සියලුම වෙනස්කම් වලට සාර්ථකව මුහුණ දෙන්න නම් අපේ තරුණ පරපුර ලබා ගත යුතු ලොකුම හැකියාව නිර්මාණශීලිත්වයයි. මිනිසා සතුව තිබෙන නිර්මාණශීලිත්වය කියන දෙය පරාජය කරන්න පුලුවන් කිසිම යන්ත්ර්යක් බිහි වෙයි කියලා හිතන්න අමාරුයි. මේ නිසා  මම කලින් කියපු අභියෝගයට සාර්ථකව මුහුණ දීසුරක්ෂිත තැනක් ගොඩ නගා ගන්න නම් අපේ තරුණ පරපුර නිර්මාණශීලිත්වයෙන් සන්නද්ධ විය යුතුයි.

නිර්මාණශීලිත්වය කියන්නේ කලාත්මක හැකියාවට විතරක් බලපාන දෙයක් නෙවෙයි. දේශපාලනයේ දීත්ආර්ථිකය හැසිරවීමේ දීත්ව්‍යාපාර පරිපාලනයේ දීත්ක්‍රීඩාවේදීත් නිර්මාණශීලි වීම අත්‍යවශ්‍යයි. බොහෝ නව නිර්මාණනව අදහස්නව නිපැයුම් බිහිවන්නේ නිර්මාණශීලි පුද්ගලයන්ගේ අතින්. ඒ වගේම ප්‍රශ්න සහ අභියෝගවලට වෙනස් විදියට හිතලා විසඳුම් ලබා  දෙන්නේ නිර්මාණශීලී පුද්ගලයන්.

මා සිතන අන්දමට  “Artificial Intelligence”  රජ කරන කාලයක ලෝකයේ වැඩිම ඉල්ලුම සහිත හැකියාව වනු ඇත්තේ නිර්මාණශීලිත්වයයි. එම ඉල්ලුම නිසාම නිර්මාණශීලිත්වයට ඉහළ මූල්‍යමය වටිනාකමක් හිමි වේවි. එම නිසයි අපි හිතන්න ඕනැ තරුණ පරපුරට කොහොම ද අපි ඉහළ නිර්මාණශීලිත්වයක් ලබා දෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් අපේ අමාත්‍යංශයටත්ඒ යටතේ එන ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතනවලටත් තිබෙනවා. එමෙන්ම ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් මේ වන විටත් අපි සිදු කරමින් සිටිනවා.

ඒ වගේම අපේ තරුණ පරපුරටජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වය ජයගැනීමට හොඳම පදනම සැකසෙන්නේ නිර්මාණශීලිත්වය හරහා. එයට හේතුව හැකියාව අතින් අපේ තරුණ  පරපුර ලොකයේ කිසිම රටකට නොදෙවෙනි තැනක සිටීම. අපේ රටේ පසුබෑමක් තියෙන්නේ හැකියාව අතින් නෙවෙයිඉදිරියට එන්න තියෙන අවස්ථා සීමා වීම අතිනුයි. එහෙම නැතිනම් ලෝකය වෙනස් කරන්න තරම් හැකියාව සහිත නිර්මාණ කරන්න පුළුවන් හැකියාවන් තියන තරුණ පරපුරක් ලංකාවෙ සිටින බව ඉතාම පැහැදිලි කරුණක්. ඉතින් මේ හැකියාවන්ට සහ නිර්මාණශීලිත්වයට අත දෙන්න අපි රජයක් විදියට වැඩසටහන් කිහිපයක්ම දියත් කරලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයින්ට අත දෙන වැඩසටහනේ ප්‍රධානතම අංගයක් වන්නේ ඒක. එම නිසා ඉතා ඉක්මනින් ඒවායේ සුබවාදී ප්‍රතිපල අපට ලබාගන්නට හැකි වේවි කියලා මම විශ්වාස කරනවා. 

මට මෙයින් කියන්න අවශ්‍ය වුණේ අප රජයක් විදියට තේරුම් අරගෙන තියනවා අපගේ තරුණ පරපුරට ජාත්යයන්තරයත් සමග ඉදිරියට යා හැකි මාවත තියෙන්නේ කොතැනද කියලා. මම හිතන්නේ ඉදිරියට එන්නේ අපගේ දක්ෂකම් වලින් සහ හැකියාවෙන් ලෝකයම දිනන්නට පුළුවන් කාලයක්. විශේෂයෙන්ම නව තාක්ෂණික දියුණුවත් එක්ක ඒ අවස්ථා තව දුරටත් පුළුල් වෙනවා මිසක්අවහිර වෙන්නේ නැති බව පැහැදිලියි. නමුත් වැදගත් වන්නේ හරි වෙලාවට හරි දේ කිරීමයි. ඒකට අවශ්‍ය මග පෙන්වීම අපේ අමාත්‍යාංශය සහ ඒ හා බැඳුණු ආයතන හරහා ලබා දෙනවා.

එම නිසා මට ඔබෙන් ඉල්ලන්න තියෙන්නෙත් එම අවස්ථාවලින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නඒ වගේම ඔබේ උපරිමයත් රටට දෙන්න කියලයි. මේක අප දෙගොල්ලන්ම එකට යා යුතු ගමනක්” යැයි පැවසීය.

The post අපේ තරුණ පරපුර ලබා ගත යුතු ලොකුම හැකියාව නිර්මාණශීලිත්වයයි.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();