මහත් ආන්දෝලනයට තුඩු දුන් යාපනය, පුන්කුඩුතිවු ප්‍රදේශයේ පදිංචි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය දූෂණය කොට මරා දැමීමේ චෝදනාවට වරදකරු වී මරණ දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හත්දෙනෙකු තමන්ම එම දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති අභියාචනා දෙසැම්බර් මස 13 වනදා සලකා බැලීම සඳහා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) නියම කර ඇතැයි වාර්ථා වේ.
මෙම අභියාචනා ඊවා වනසුන්දර, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා ඇත. එම අභියාචනාවල කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය වැඩිදුර තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 13 වනදා වන කැඳවන ලෙස නියම කර තිබේ.
2015 වසරේ අප්‍රේල් මස 4 වනදා යාපනය ප්‍රදේශයේ දී සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා යාපනය මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව ඉන් විත්තිකරුවන් දෙදෙනෙකු පමණක් නිදහස් කළ යාපනය මහධිකරණය සෙසු විත්තිකරුවන් හත්දෙනාට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.
එසේ දඬුවම් නියම වූ විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කරමින් සඳහන් කර සිටින්නේ තමන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට යාපනය මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවත් එම නිසා යාපනය මහධිකරණය දුන තීන්ඩුව අහෝසි කොට තමන් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද එම විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනාවලින් ඉල්ලා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
The post විද්‍යා ඝාතන නඩුව යළිත් – විත්තිකරුවන්ගේ අභියාචනය සලකා බලන්න දින තීන්දු වෙයි. appeared first on Lanka News Column.
0 Comments