Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිනුම් ශූරතා ඔටර්ස් ක්‍රීඩා සමාජය දිනයි

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිනුම් තරගාවලියේ සමස්ත ශූරතා කොළඹ ඔටර්ස් ක්‍රීඩා සමාජය හිමිකර ගනියි. කාන්තා අංශයේ සමස්ත ශූරතාව ලකුණු 531ක් ලබා ඔටර්ස් ක්‍රීඩා සමාජය දිනා ගනිද්දී අනු ශූරතාව ලකුණු 118ක් ලබාගත් සිංහල ක්‍රීඩා සමාජයට හිමි විය. එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව (ලකුණු 78) දිනා ගත්තේය.

පිරිමි අංශයේ සමස්ත ශූරතාව ලකුණු 620ක් ලබා ඔටර්ස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනු ශූරතාව ලකුණු 313ක් ලබාගත් ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජයට හිමිවූ අතර එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට (ලකුණු 274) හිමි විය.

මේ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිනුම් තරගාවලිය කොළඹ ඔටර්ස් ක්‍රීඩා සමාජ පිහිනුම් තටාකයේ පැවැති අතර වයස අවුරුදු 25 හා 74 අතර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල ගණනක් එක්ව සිටියහ.

පිරිමි අංශයේ වයස් කාණ්ඩ ශූරයෙන් ලෙස රසිත් ජයරත්න, අක්ෂයන් රාජසිංහම්, කේ.වී. එස්. ප්‍රියදර්ශන, එල්. වී. ප්‍රනාන්දු, සුමිත් ධර්මදාස, සී. එස්. නානායක්කාර, අයි. පී. ඒ. කැකුලන්දර හා පී. එල්. උමගිලිය දිනා ගත්හ. කාන්තා වයස් කාණ්ඩ ශූරියන් ලෙස දෙහාරා කැටපේආරච්චි, අපේක්ෂා විජේසූරිය. සුදර්ශනී ගුණතිලක, නයෝමී ඩීන් හා දිලිනි දොලපිහිල්ල සම්මාන දිනා ගත්හ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();