Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුත්තලම දිස්ත්‍රික් ලේකම් ක්‍රීඩා උළෙලේ ශූරතාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට

2018 පුත්තලම දිස්ත්‍රික් ලේකම් අභියෝග ශූරතා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ද අනුශූරතාවය මූන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ද දිනාගනු ලැබීය.
 
වාරිමාර්ග ජල සම්පත් කළමණාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේ දී පසුගිය 25වනදා දවස පුරා මෙම ක්‍රීඩා උළෙල පැවැත්විණි.
 
මළල ක්‍රීඩා තරග, දැල්පන්දු සහ වොලිබෝල් අවසන් තරග ද එදින පැවැත්වුණි. පිරිමි මළල ක්‍රීඩා ශූරතාවය මූන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ද කාන්තා ශූරතාවය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ද හිමි කර ගත් අතර කාන්තා වොලිබෝග් ශූරතාවය නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද, වොලිබෝල් පිරිමි ශූරතාවය මූන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ද දිනා ගැනීමට සමත්විය.
 
එසේම දැල්පන්දු ශූරතාව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ද දිනා ගනු ලැබීය.
 
හලාවත,  ආරච්චිකට්ටුව සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමස්ත තරගාවලියේ තෙවන ස්ථානය හිමි කර ගනු ලැබීය.  
 
මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ පුත්තලම වැනි දුෂ්කරතා බහුල ප්‍රදේශයන් හි නිලධාරීන් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන දක්‍ෂතාව අගය කරන බවයි. දුෂ්කර ප්‍රදේශයන් හි ක්‍රීඩා පහසුකම් නංවාලීමට කටයුතු කරන බවද ඇමතිවරයා පැවසීය. 
 
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සහ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් ක්‍රීඩා උළෙල පැවැත්වුණි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();