Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සායනික අපද්‍රව්‍ය වෙරළ තීරයට ගොඩ ගසා තිබීම – වෙරළ තීරය භාවිතයෙන් වළකින්නයි උපදෙස්.

News

නැවත දැනුම් දෙන තුරු උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරයට භාවිත කිරීමෙන් වළකින්න ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙයි. එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර  සඳහන් කර ඇත්තේ, එහි ගොඩ ගැසී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කරන තුරු එම වෙරළ භාවිතයෙන් වළකින ලෙසයි.

ඉන්දියාවෙන් ඉවත් කරන ලද සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තම නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන පුත්තලම ප්‍රදේශයට යොමුකර ඇති බවත් සඳහන් කරන සාමාන්‍යාධිකාරිවරයා මෙම සායනික අපද්‍රව්‍ය ඉන්දියාවේ සිට මෙරට වෙරළට ගොඩ ගසන්නට ඇතැයි, අනුමාන කරන බවත් පවසා තිබේ.

පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ එම සායනික අපද්‍රව්‍ය තොගය ගොඩගැසී තිබෙන බවත්  ප්‍රදේශවාසීන් පවසන්නේ දින 4 ක පමණ සිට මෙම අපද්‍රව්‍ය ගොඩ ගසමින් ඇති බවත් යැයි සඳහන් වේ.

එන්නත්, විවිධ සිරප් වර්ග, පෙති වර්ග ඇතුළු විවිධ ඖෂධ හා සායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබූ භාජන විශාල ප්‍රමාණයක් ඒ අතර වන බවත් සඳහන් වේ.

 

The post සායනික අපද්‍රව්‍ය වෙරළ තීරයට ගොඩ ගසා තිබීම – වෙරළ තීරය භාවිතයෙන් වළකින්නයි උපදෙස්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();