Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරේ ඇමැති ගැටලුවට හොඳම විසඳුම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි.

North provincial council
පළාත් සභාවට සිටිය යුත්තේ ඇමැතිවරුන් පස් දෙනකු වුවත් උතුරු පළාත් සභාවේ හිටපු ඇමැති බී. ඩැනිෂ්වරන්ගේ අමාත්‍ය ධූරය සක්‍රිය කරන ලෙස ලබාදුන් අධිකරණ නියෝගයත් සමඟ උතුරට ඇමැතිවරු 6 දෙනකු සිටින බවත්, මේ ගැටලුව සඳහා ගත යුතු හොඳම විසඳුම ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් විසින් නව ඇමැතිවරු නම් කර එවීම බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සඳහන් කර සිටී.

ඒ අනුව පළාත් සභාවේ සියලු ඇමැතිවරු ඉල්ලා අස්වී නව ඇමැතිවරු තමා වෙත නම් කර එවිය යුතු බවත්, අනතුරුව නව අමාත්‍යවරුන් හට දිවුරුම් දිය හැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට අනුව ඕනෑම පළාතකට නව අමාත්‍යවරු නම් කළ යුතු වන්නේ එම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා යැයිද ආණ්ඩුකාරවරයා කියයි. එමෙන්ම කිසිදු අමාත්‍යවරයකු පත් කිරීම හෝ ඉවත් කිරීම සඳහා තමා වෙත ප්‍රතිපාදන නොපවතින බවත් ඒ අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මේ ගැටලුවට කඩිනම් විසඳුම් තමා වෙත ඉදිරිපත් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

The post උතුරේ ඇමැති ගැටලුවට හොඳම විසඳුම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();