Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉතාලියේ පාලමක් කඩා වැටීමෙන් දිවි ගලවා ගත් අය සෙවීමේ මෙහෙයුම් තවදුරටත්

ඉතාලියේ ජෙනෝවාහි මහාමාර්ගයක පාලමක් කඩා වැටීමේ අනතුරින් දිවි ගලවා ගත් අය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා පවසන්නේ පාලමේ කොටසක් කඩා වැටීම නිසා ඒ මත වූ වාහන අඩි 148 ක් පමණ ඇදවැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 37 දෙනෙකුවත් මියයන්නට ඇති බවයි. එහිදී 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර 12 දෙනකු පමණ අතුරුදන්වී ඇති බව වාර්තා වේ.

මේ අනතුරට වගකිවයුතු කවරෙකු හෝ වේ නම්, නීතිය හමුවට පමුණුවන බවට ඉතාලි අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති මටියෝ සැල්වීනි සපථ කර ඇත.

A10 මහා මාර්ගයේ ඇති මොරන්ඩි පාලම 1960 දී ඉදිකරන ලද්දකි. ප්‍රාදේශීය වරායවල සිට ඉතාලියේ කොටසකටත් ප්‍රංශයේ දකුණු දිග වෙරළබඩ ප්‍රදේශයටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති සැපයුම් මඟක් ලෙස එම මාර්ගය සැලකේ.

මේ අනතුර සිදු වී ඇත්තේ අකුණු සමඟ දැඩි වර්ෂාවක් පැවති අවස්ථාවකය. අනතුර සිදුවූ එස්ථානයේ සුන්බුන් අතර සිරවී සිටි පිරිස් කෑගසමින් උදව් ඉල්ලන අයුරු ඉතා සංවේදී දසුනක් වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();