Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විහාර මහාදේවි උද්‍යානයට එන දරුවකුගෙන් පැයට රු.400ක් අය කෙරෙයි.

Viharamahadevi_Parak

කොළඹ විහාර මහාදේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාව, යෝජනාවක් සම්මත කරගෙන ඇති බව සඳහන් වේ. වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අය කරගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන අතර, මාස 02ක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇතැයි නගර සභා ආරංචි මාර්ග සඳහන් කර ඇත.

විහාර මහා දේවි උද්‍යානයේ හා කාක දූපත උද්‍යානයේ කුඩා ළමයින්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ සවි කිරීමටත්, ඒ වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් 10,000ක් ගෙවීමටත් අදාළ පුද්ගලික සමාගම එකඟ වී ඇති බව පැවසේ.

කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ නිර්දේශ පරිදි මහා සභාවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ  අනුමැතිය ලැබී තිබෙන බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් ඊට විරුද්ධව වී ඇති බවත් සඳහන් වේ.

කොළඹ නගර සීමාවේ අඩු අදායම්ලාභීන් බහුතරයක් සිටියදී ධනපති පවුල් සුළුතරයක් පිනවීම සඳහා මෙම වැඩපිළිවෙළ දියත් කර තිබෙන බවත්, නගර සභා ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී කුඩා ළමයින්ගෙන‍් මේ ආකාරයට මුදල් අය කරගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රි හේමන්ත වීරකෝන් පවසා තිබේ.

The post විහාර මහාදේවි උද්‍යානයට එන දරුවකුගෙන් පැයට රු.400ක් අය කෙරෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();