Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රීඩකයෝ 3-0කින් එක්දින තරගාවලිය දිනති

නිරෝෂාන් ප්‍රියංකර

සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන ක්‍රිකට් පිල සමඟ ඊයේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 2ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් පිල සමත් විය.

මේ සමගින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු වූයේ 3-0කිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු නැඟී එන පිල ලකුණු 223කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 8ක් පමණක් අහිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ අඩිතාලම දැමූ ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම ලකුණු 68ක් රැස්කළ අතර ජෙහාන් ඩැනියෙල් ලකුණු 50ක් ඉනිමට එක් කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු (8) දැවී ගියේ මුළු ලකුණු 32දීය. අනතුරුව සදීර සමග එක්වූ නායක චරිත් අසලංක ලකුණු 33ක් රැස්කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 93 දක්වා ඉදිරියට ගෙන ගියේය.

අසලංක සමගින් කමිඳු මෙන්ඩිස් (4) සහ සම්මු අශාන් (3) ලකුණු 16ක් තුළ දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූයේ ලකුණු 109කට කඩුලු 4ක් ලෙසිනි. එහෙත් සදීර සමග එක්වූ ජෙහාන් ඩැනියෙල් ලකුණු 74ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී මාවතට ගෙන ගියේය. සදීර දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටෙන විට මුළු ලකුණු සංඛ්‍යාව 183ක් විය. පන්දු 106කට මුහුණදුන් ඔහු හතරේ පහර 4ක් සමගින් ලකුණු 68ක් රැස් කළේය. ෂෙහාන් මධුසංක ලකුණු ලබාගැනීමට පෙර දැවී ගිය අතර ලකුණු 50ක් රැස්කළ ඩැනියෙල් 7 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. පන්දු 61කට මුහුණදුන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහරකින් ඉනිම සරසා ගත්තේය. ජෙෆ්රි වැන්ඩේ ලකුණු 3ක් ලබාසිටියදී 8 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 11ක් සහ අමිල අපොන්සු නොදැවී ලකුණු 19ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු යැවීමේදී නන්ද්‍රි බර්ගර් කඩුලු 3ක් සහ ග්‍රෙගරි මලෝක්වානා කඩුලු 2ක් දවා ගත්හ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු නැඟී එන පිල වෙනුවෙන් ටෝනි ඩී සෝසි සහ ඊතන් බොස්ච් ලකුණු 48 බැගින් රැස් කළහ. නායක සෝසිගේ ඉනිම පන්දු 58කදී හතරේ පහර 3ක් ඇතුළත් වූ අතර බාස්ච් පන්දු 54කදී හතරේ පහරක් සහ හයේ පහර 4ක් එල්ල කළහ.

ලකුණු 85කට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ සෝසි සහ බොස්ච් මුළු ලකුණු සංඛ්‍යාව 177 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 92ක සබඳතාවක් ගොඩනගමිනි.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 3ක් දවාගත් අතර අමිල අපොන්සු කඩුලු 2ක් බිඳ දැමීය.

දකුණු අප්‍රිකානු නැඟී එන පිල - 223යි. (ඕවර 42.3) ටෝනි ඩී සෝසි 48, ඊතන් බොස්ච් 48, මැතිව් බ්‍රිට්ස්කේ 42 (ජෙෆ්රි වැන්ඩසේ 54/3, අමිල අපෝන්සු 33/2)

ශ්‍රී ලංකා නැඟී එන පිල - 227/8යි. (ඕවර 48.5) සදීර සමරවික්‍රම 68, ජෙහාන් ඩැනියෙල් 50, චරිත් අසලංක 33 (නන්ද්‍රි බර්ගර් 33/3, ග්‍රෙගරි මලෝක්වානා 49/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();