තාරුණ්‍යයේ ජනප්‍රියතම තරගාවලියක් මෙන්ම මෙරට ඇති නවීණතම මෝටර් රථ වල කාර්යක්ශමතාවය ප්‍රදර්ශණය කිරීමේ සුවිශේෂි මෝහොතක් ලෙස හා නවීණතම මෝටර් රථ වලට ඇලුම් කරන තාරුණ්‍යයේ දිනක් ලෙස සංවිධාන වන ඩ්‍රැග් රේසිං තරගාවලියේ දෙවැනි අදියර ‘මොඩිටෙල්’ හා ෆ්‍රොන්ටියර් ඔටෝමෝටිව් සමාගමේ අනුග්‍රහයෙන් මේ මස 12 වැනිදා කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් පථයේදී පැවැත්වෙයි.
සිලොන් මෝටර් ස්පෝර්ට්ස් (CMSC), ඩ්‍රැග් රේසිං ඇසෝසියේෂන් ශ්‍රී ලංකා (DRASL) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) එක්ව සංවිධාන කරන මේ තරගාවලියට තරග කාණ්ඩ කිහිපයක් යටතේ තරග පැවැත්විමට නියමිත අතර මේ වන විටත් තරගාවලිය නියෝජනය කිරීම සඳහා තරගෙකරුවන් 100කට අධික පිරිසක් අයැදුම් පත් යොමු කොට ඇති බවත් තරගාවලිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකවට ආධාර පිණිස සංවිධාන කරන බවත් පසුගියදා කොළඹ ෆ්‍රොන්ටියර් ඔටෝමෝටිව් සමාගම් ප්රදර්ශණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදි අනාවරණය විය.
1937 සැප්තැම්බර් 09 වැනිදා මාගස්තොට පාදක කරගනිමින් ඇරැඹි සිලෝන් මෝටර් ස්පෝර්ට් මෝටර් රථ ක්‍රීඩා සංගමය මෙරට මෝටර් රථ ක්‍රීඩාවට වසර 80ක වැඩි කලක් සුවිශේෂ දායකත්වයක් සපයා ඇති බවත් මීට වසර කිහිපයකට මත්තෙන් මෙරට මෝටර් රථ ක්‍රීඩාවට ඇලුම්කරන හා ආදරයකරන තාරුණ්‍ය වෙනුවෙන් ඩ්‍රැග් රේසිං හඳුන්වාදෙමින් කොළඹදී තරගාවලි කිහිපයක් සංවිධාන කළ බවත් වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළදී දැක ගත හැකි ලොව සුපතල වෙළෙඳ නාමයන්ගෙන් සමන්විත නිෂ්පාදිත මෝටර් රථ වල ඇති නවීණතම හා තාක්ෂණික මට්ටමින් ඉහළ කාර්යක්ෂමතාවය වේගය හා නවීණතම අංගෝපාංග දැකගැනීමේ හැකියාවද මේ තරගාවලියට සමගාමීව සංවිධාන කර ඇති බවත් මේ අවස්ථාවට එක් වු මෙරට ඉපැරණිම මෝටර් රථ ක්‍රීඩා සමාජය වන සිලොන් මෝටර් ස්පෝර්ට්ස් සභාපති නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.
මෙරට තාරුණ්‍යයට නිසි මඟ පෙන්වීමක් නොමැති මෝහොතක අනවසර විදී මෝටර රථ ධාවන තරග පවත්වමින් තම මෝටර රථයේ ජවය හා තාක්ෂණික අගය ප්‍රදර්ශණය කිරිමට ගොස් ඇති වන්නා වු නීතිමය අපහසු තාවයන් අවම කිරීමේ අප්‍රේක්ෂාව පෙරදැරීව මේ තරගාවලිය සංවිධාන කරන බවත් තමන්මන්ගේ මෝටර් රථය කොපමණ ජවයකින් සමන්විතද හා එහි කාර්යක්ෂමතාව කෙසේද කියා දැක දැන ගැනීම වෙනුවෙන් මේ තරගාවලිය සංවිධාන කරන බවත් ඩ්‍රැග් රේසිං ඇසෝසියේෂන් ශ්‍රී ලංකා (DRASL) සභාපති සබ්රි අබ්දුල් සලාම් මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.
මේ 12 වැනි දා කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් පථයට පැමිණ මීටර් 400කින් සමන්විත ඩ්‍රැග් රේසිං තරගාවලිය හා එක් ලෙස මෝටර් රථ ක්‍රීඩාවට ඇලුම් කරන ක්‍රීඩා ලෝලීන්ට ඔහු ආරාධනා කර සිටියේය.
මේ තරගාවලියේ තුන්වන හි අවසන් අදියර නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකථන සේවා සපයන්නා වන මොබිටෙල් ජංගම දුරකථන ජාලය එවැනිම වේගවත්ම තරගාවලිය වන ඩ්‍රැග් රේසිං හා එක්වන්නේ ඉතාමත් ආඩම්බර යෙන් බවත් නව තාවයකින් යුතු මෙම තරගාවලියට අනුග්‍රහය දැක්විම හා ශූරතාවලියට එක්වීමට ලැබීම අගයකෙට සලකන බවත් මොබිටෙල් ජ්‍යෙෂ්ඨ ප්‍රධාන කළමණාකරු (වෙළෙඳ) ඉසුරු දිසැනායක මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.
ආකර්ෂනීය හා ප්‍රබෝධමත් මෝටර් රථ ධාවන තරගාවලියක කොටස්කරුවකු විමට හැකි වීම ගැන අප ආයතනය ඉතා සතුටට පත් වනවා. ලොව ප්‍රමිතිගත සංඥානාමයන් හිමි ලැන්ඩ්රෝවර් - ජගුවාර් මෝටර් රථ ගෙන්වන සමාගමක් ලෙස වේගවත් තරගාවලියකට එක් විමට ලැබීම භ්‍යාගයක් ලෙස සලකන බවත් ඉතාමත් සාර්ථක ශූරතාවලියකට එක්වීම අරමුණ බවත් ජගුවාර් - ලැන්ඩ්රෝවර් මෝටර් රථ ගෙන්වා බෙදාහරින SML ෆ්රොන්ට්යර් ඔටෝමෝටිව් සමාගමේ විධායක නිලධාරී රවි පෙරේරා මහතා පැවැසීය.
මාධ්‍ය හමුවට එක් වු මොබිටෙල් ජ්‍යෙෂ්ඨ ප්‍රධාන කළමණාකරු (වෙළෙඳ) ඉසුරු දිසානායක, ඩ්‍රැග් රේසිං ඇසෝසියේෂන් ශ්‍රී ලංකා (DRASL) සභාපති සබ්රි අබ්දුල් සලාම්, සිලොන් මෝටර් ස්පෝර්ට්ස් සභාපති නිරෝෂන් පෙරේරා සහ ලැන්ඩ්රෝවර් මෝටර් රථ ගෙන්වා බෙදාහරින SML ෆ්රොන්ට්යර් ඔටෝමෝටිව් සමාගමේ විධායක නිලධාරී රවි පෙරේරා මහත්වරු සහ SML ෆ්රොන්ට්යර් ඔටෝමෝටිව් සමාගමේ වෙළෙඳ හා පාරිභෝගික සේවා කළමණාකරු තස්නීම් සිදීකී මෙනෙවිය.
0 Comments