කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලක්ෂ 03ක අල්ලසක් ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන අැත්තේ, අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්.
වාලච්චේන කෝරලේ පත්තුව ප්‍රාදේශීය සභාව තුළ දී අදාළ ස්ථානාධිපතිවරයා අද උදෑසන11.20 ට පමණ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගෙන අැත.
මුළු මුදලින් ලක්ෂ 03 ක මුදලක් අද දිනයේ දී ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
වේයන්ගොඩ, කල්කුඩා ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ගඩොල් කර්මාන්ත ශාලාවක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ තක්සේරු වාර්තාවක් අවශ්‍ය බවත් එය ලබා ගැනීමට පොලිසිය විසින් වාර්තාවක් ලබා දිය යුතු වන අතර, එම පොලිස් වාර්තාව ලබා දීම සඳහා අදාළ ස්ථානාධිපතිවරයා ලක්ෂ 05ක මුදලක් අල්ලසක් ලෙස කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට යන අයගෙන් ඉල්ලා තිබේ.
0 Comments