ලොව ජනප්‍රියම විද්‍යුත් තැපැල් සේවය වන Gmail යටතේ පවතින පෞද්ගලික විද්‍යුත් තැපැල් ඇතැම් විට යන්ත්‍රවලට අමතරව මිනිස් තෙවැනි පාර්ශව විසින් කියවන බවට ගූගල් සමාගම පිළිගෙන ඇතැයි සඳහන් වේ.
තෙවන පාර්ශව ඇප් මෘදුකාංග සිය Gmail ගිණුම්වලට සම්බන්ධ කළ පුද්ගලයින් නොදැනුවත්වම සිය ගිණුමේ විද්‍යුත් තැපැල් වෙනත් කාර්ය මණ්ඩල සේවකයින්ට විවෘත කිරීමට අවස්ථාව උදාකරන බව එම සමාගම පවසන බවත් සඳහන් වේ. එමෙන්ම මෙම සමාගම පවසා ඇත්තේ මෙය සිය ප්‍රතිපත්තිවලට එරෙහි නොවන බවත් යැයි පැවසේ.
මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 1.4 ක් විසින් Gmail භාවිත කරන බවත් සඳහන් වේ.
The post පෞද්ගලික Gmail පණිවිඩ වෙනත් පුද්ගලයින්ටත් විවෘත වෙයි. appeared first on Lanka News Column.
0 Comments