Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සබරගමුවේ විභාග ප්‍රශ්න පත්‍ර අවුල.

School_Exam

2018 වාර විභාග සමය ඇරඹී ඇති මේ ප්‍රශ්න පත්‍ර ලබාදෙනු ලබන්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිනි. නමුත් මෙවර සබරගමු පළාතේ ප්‍රශ්න පත්‍රය සීඩී තැටියක යොදා පාසැල් වලට එවන බවත් මේවා මුද්‍රණය කරගනු ලබන්නේ විදුහල විසින් බවත් වාර්ථා වේ. විදුහලේ මුද්‍රණය සදහා පහසුකම් නොමැති හෙයින් ඒවා පිටත දී කර ගත යුතු අතර මේ සියල්ල  ටියුශන් ගුරුවරුන් ගේ වැඩ නිසා වෙන සිදුවීම් බව පැවසේ. ප්‍රශ්න පත්‍ර මිලට විකිණීමට ලබාගැන්මට මෙමගින් පහසුය.

වාර විභාගය තුළ ගන්නා ලකුණු අයි.එස්.බී.එන්. පෝරමය හරහා ඇගයීම් ලකුණක් ලෙස සා. පෙළ විභාගයට එක් වෙන නිසා වාර විභාගයට දැන් තරගකාරී බවක් ලැබෙමින් පවතී. ඒ සමානවම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගෙන යන මේ ක්‍රියාවලියෙන් එහි විශ්වසනීය බවද දුරුවෙමින් පවතී. එසේම මෙම ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියෙන් තොර බවත් පැවසේ. ඉංග්‍රිසි මාධ්‍ය පත්‍රවල හරස් පද ප්‍රෙහේලිකා ද යොදා තිබෙන බවත් සඳහන් වේ. එමෙන්ම ඇතැම් විෂයන්ට අදාළ රූප සටහන්, සිතියම් යොදා නැති බවත් ඇතැම් විෂයන් සීඩී තැටියේ නැති බවත්  ඒවා වෙනත් පාසැල්වලින් සොයා ගත යුතු බවත් ආරංචි මාර්ග සඳහන් කර සිටී. ප්‍රශ්න පත්‍රයක තිබිය යුතු ගුණාත්මක බව විශ්වසනීයත්වය, නිරවද්‍යතාව මෙයින් ගිළිහී ගොස් ඇති අතර මේ වැඩසටහන පළාත් අධ්‍යක්ෂ පවරන අය විසින් සිදුකරන බවත් වැඩිදුරටත් වාර්ථා වේ.

The post සබරගමුවේ විභාග ප්‍රශ්න පත්‍ර අවුල. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();