Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකා සතොස භාණ්ඩ, ඔන්ලයින් ක්‍රමයට.

Lanka_Sathosa

ලංකා සතොස ආදායම් තත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කර ඇත.

ඉදිරි මාස 6 තුළ මෙම සේවාව රටපුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් 2017 වර්ෂයේදී සතොස ඉහලම පිරිවැටුප වන රුපියල් බිලියන 31ක් වාර්ථා කිරීම හේතුවෙන් මෙම වර්ෂයේ එය තවදුරටත් වැඩි දියුණු කිරීමට තීරණය ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එළඹෙන වසර වන විට දැනට පවතින සතොස වෙළඳසැල් ප්‍රමාණය වැඩිකරන බවත් සේවකයන්ට මනා පුහුණුවක් ලබා දී සේවයේ යෙදවීම හා නව සේවකයින් බඳවාගනිමින් සතොස ලංකාවේ වැඩිම ලාභ ලබන රජයේ වෙළඳ සමාගමක් කිරීම අරමුණ බවත් ය.

The post ලංකා සතොස භාණ්ඩ, ඔන්ලයින් ක්‍රමයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();