Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දඹුලු තණතීරුව මට දැනුණේ ගෙදර වගේ

ෆවුස් මොහොමඩ් දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...

දඹුල්ල ක්‍රීඩාංගණයේ තණතීරුවේ පන්දු යැවීමේදී කිසිදු වෙනසක් නොදැනුණ බව පෙරේදා පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5ක ජයක් ලැබූ දකුණු අප්‍රිකානු පිලේ ටබ්රේස් ෂම්සි ප්‍රකාශ කළේය. සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 33කට ශ්‍රී ලංකා පිලේ කඩුලු 4ක් දවාලූ මේ වමත් දඟපන්දු යවන්නා තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

‘අවංකව කියනවා නම් එදා දඹුල්ල තණතීරුවේ මට දැනුණේ අපේ රටේ (දකුණු අප්‍රිකාවේ) තණතීරුවකට සමාන ස්වභාවයක්. කිසිම වෙනසක් තිබුණේ නෑ. වැඩිපුර දඟ කැවීමක් තිබුණෙත් නෑ. විශේෂයෙන් අපි මුලින්ම පන්දු යැවූ නිසා. දැඩි සුළඟ මට ප්‍රශ්නයක් වුණෙත් නෑ. අපි මේ වගේ තණතීරුවල ඕනෑ තරම් සෙල්ලම් කරලා තියෙනවා.’ ෂම්සි තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී එසේ කීවේය.

‘මම මගේ කාර්යය අකුරටම ඉටු කළා. නායකයා සහ පුහුණුකරුවා මට උපරිම නිදහස ලබා දී තිබෙනවා.’ ඔහු කීවේය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු පහම ලකුණු 36කට බිඳ වැටිමෙන් පසුව නැවත හිස ඔසවා ගැනීම අසීරුවූ බවත්, එය එවැනි තත්ත්වයකට ඇද වැටෙන ඕනෑම කණ්ඩායමකට පොදු දෙයක් බවත් ෂම්සි සඳහන් කළේය.

‘ශ්‍රී ලංකාව කියන්නේ ඉතා හොඳ කණ්ඩායමක්. එයාලා දිනන්න ආසයි. ඒත් සමහර දවස්වලට අපි දිනනවා. සමහර දවස්වලට පරදිනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ හැටි එහෙමයි.’ ඔහු පැවැසීය.

Post a Comment

0 Comments