කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී, දිවියකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 10දෙනෙකු එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කිලිනොච්චිය වැඩබලන මහේස්ත්‍රාත් එස්.ග්‍රේෂියන් අද(03) නියෝග කර ඇත. පොලිසිය සඳහන් කර ඇත්තේ වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පුද්ගලයින් තිදෙනෙකු 29 වැනිදා අධිකරණය වෙත භාරවි තිබු බවද පොලිසිය සඳහන් කර ඇත. දිවියා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් සැඟව ඇති බවත්, අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවත් සඳහන් වේ.
The post දිවියා ඝාතනය කළ සැකකරුවන් යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.
0 Comments