පසුගියදා ආසියානු සංවර්ධන අරමුදලේ නියෝජිතයින්, වෘත්තීය සමිති දැනුවත් කරන්න කියලා මේ රටට පැමිණි බවත්, රාජ්‍ය ආයතන විකිණීමට ආණ්ඩුව ඔවුන් සමඟ පැහැදිලි එකඟතාවයක ඉන්න බව ඔවුන්ගේ පැහැදිළි කිරීම්වලින් ඔප්පු වී තිබෙන බවත් ඒ නිසා රනිල් මෛතී‍්‍ර දේපළ වෙන්දේසිකරුවන්ට විකිණීම වහා නවතනු කියා පවසන බවත් එසේ නොමැති නම් වැඩකරන ජනතාව සමඟ පාරට බහින්න සූදානම් බවත් රාජ්‍ය දේපළ රටේ සම්පත් ආරක්ෂා කර ගැනීමට පාරේ සටනක් අවශ්‍ය නම් පාරට බහින්න සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ ප්‍රකාශ කර සිටී. ඔහු මේ අදහස් පළකර සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ වසන්ත සමරසිංහ,
ආණ්ඩුවේ 2025 ආර්ථික වැඩපිළිවෙළට අනුව ආසියානු සංවර්ධන අරමුදලේ ගිවිසුම කි‍්‍රයාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න ආණ්ඩුව සූදානම්. සේවක අර්ථසාධක අරමුදලින් 40%ක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න ආණ්ඩුව තීරණය කරලා. ආණ්ඩුවේ පෞද්ගලීකරණ ආර්ථික ප්‍රතිපත්තිය තමයි මේ කි‍්‍රයාත්මක කරන්නේ. මංගල ඇමතිවරයා පැහැදිළිව කිව්වා, 77 ආරම්භ කරපු ආර්ථික නිදහස්කරණය සම්පූර්ණ කරන්න වර්තමාන ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව තමයි ආණ්ඩුව රාජ්‍ය ආයතන වෙළඳපොළට නිදහස් කරන්න උත්සාහ කරන්නේ. සිංගප්පූරු වෙළඳ ගිවිසුමට අනුව ආණ්ඩුව කොටස් වෙළඳපොළට ආයෝජන වැඩිකළ යුතුව තිබෙනවා. පෞද්ගලික අංශයේ ආයතනවලින් එම ආයෝජන වර්ධනය කරගන්න බැරි නිසා රජයේ ආයතන සාධාරණ ලැයිස්තුගත කිරීම කියන නාමකරණය යටතේ කොටස් වෙළඳපොළට නිදහස් කරන්න කටයුතු කරනවා. ගුවන්තොටුපොළවල්, බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන කොටස් වෙළඳපොළට මුදා හරින්න සැලසුම් කරමින් තිබෙන්නේ ඒ අනුවයි. රනිල් මෛතී‍්‍ර දේපළ වෙන්දේසිකරුවෝ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවලා කොටස් මිලදී ගන්න කටයුතු කරන්නේ ඒ නිසයි.
පසුගියදා ආසියානු සංවර්ධන අරමුදලේ නියෝජිතයින් වෘත්තීය සමිති දැනුවත් කරන්න කියලා මේ රටට ආවා. ඔවුන්ගේ පැහැදිළි කිරීම්වලින් ඔප්පු වෙලා තිබෙනවා, රාජ්‍ය ආයතන විකිණීමට ආණ්ඩුව ඔවුන් සමඟ පැහැදිලි එකඟතාවයක ඉන්නවා කියලා. ඒ නිසා රනිල් මෛතී‍්‍ර දේපළ වෙන්දේසිකරුවන්ට අපි කියනවා විකිණීම වහා නවතනු කියලා. එසේ නොමැති නම් වැඩකරන ජනතාව සමඟ පාරට බහින්න අපි සූදානම්. රාජ්‍ය දේපළ රටේ සම්පත් ආරක්ෂා කර ගැනීමට පාරේ සටනක් අවශ්‍ය නම් පාරට බහින්න අපි සූදානම් යැයි පැවසීය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්,
සිවිල් ගුවන්සේවා පනත වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 113ක් ඕනෑ. එම පනත වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වළක්වන්න ඕනෑ. ඒ සඳහා අපි ඉදිරියේදී කි‍්‍රයාමාර්ග ගන්නවා. නමුත් ආණ්ඩුව අත්තනෝමතික ලෙස තීරණ ගන්නවා නම් ජනතාවට වගකීමක් තිබෙනවා මේ ආණ්ඩුවේ ආයුෂ අඩු කරන්න. දැනටමත් ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග නිසා ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලයි තිබෙන්නේ. ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග නතර කළ හැක්කේ ආණ්ඩුවේ ආයුෂ අඩු කරලම තමයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැහෙන්න ඕනෑ. හම්බන්තොට වරාය විකුණන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ අපි හම්බන්තොට විශාල උද්ඝෝෂණයක් කළා. පසුගියදා තෙල් මිල වැඩි කරපු වෙලාවේ රට පුරාම පාරට බැහැලා උද්ඝෝෂණ කළේ ජනතා විමුක්ති පෙරමුණේ අපි. හැම අවස්ථාවකදීම ආණ්ඩුවල ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්න අපි කටයුතු කරනවා.
දූෂිතයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න විශේෂ අධිකරණ 3ක් පිහිටුවන්න දැනටමත් යෝජනා වෙලා තිබෙනවා. ඉන් එක් අධිකරණයක් පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබුණා. නමුත් එම කි‍්‍රයාමාර්ග සාර්ථක වෙලා නැහැ. ඒ නිසා ආණ්ඩුව එම අධිකරණ පිහිටුවා දූෂිතයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම කඩිනම් කළ යුතුයි. මහින්ද රාජපක්ෂට එරෙහිව තිබෙන චෝදනා පමණක් නොව මේ ආණ්ඩුවට එරෙහිව තිබෙන චෝදනාත් එම අධිකරණවලදී විභාග විය යුතුයි. මේ ආණ්ඩුවට දැන් අවුරුදු තුන හමාරක් ගතවෙලා තිබෙනවා. නිව්යෝක් ටයිම්ස් හෙළිදරව්ව ගැන පාර්ලිමේන්තු විවාදයේදී ඝණ පූර්ණය පවත්වාගන්න බැරිවුණු එක්සත් ජාතික පක්ෂය හා මේ ආණ්ඩුව වංචාවට-දූෂණයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගනියි කියලා අපිට විශ්වාසයක් නැහැ.
2015දී ආණ්ඩුව හදන්න ජවිපෙ කිසිදු මැදිහත්වීමක් සිදුකළේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයේදී වෙනම ඡුන්දෙට ඉදිරිපත් වුණා. අපි ඒ වෙලාවේදී ජනතාවට කිව්වා, කවුරු ආණ්ඩු හැදුවත් ආණ්ඩුව පාලනය කිරීමේ බලය ජනතා විමුක්ති පෙරමුණට දෙන්න කියලා. ජනාධිපතිවරණය අවස්ථාවේදී අපි රාජපක්ෂ පාලනය පරාජයට පත්කරන්න කටයුතු කළා. එසේ නොවුණා නම් අද අපේ රට මීට වඩා දූෂණයෙන් පිරි අඳුරු අගාධයකට වැටුණු රටක් බවට පත්වෙන්න ඉඩ තිබුණා.
1950 ඉඳලා අපේ රට ණය ගන්න පටන් ගත්තා. අද වෙනකොට මහා දැවැන්ත ණය උගුලක රට හිරකරලා තිබෙනවා. 1977දී ආනයන සහ අපනයන වෙළඳාමේ පරතරය ඩොලර් මිලියන 41ක් වූ අතර අපි ඩොලර් මිලියන 41ක ලාභයක් ලැබුවා. නමුත් වසර 70ක් මේ පක්ෂ දෙක අපේ රට පාලනය කරලා අද රට ගෙනත් තිබෙන්නේ කොතැනටද? අද අපේ ආනයන වියදම ඩොලර් මිලියන 20,000ක් වනවිට අපනයන ආදායම ඩොලර් මිලියන 10,000යි. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ඒ නිසා අප කළ යුතු ප්‍රධාන කාරණා 4ක් තිබෙනවා. පළමුව අපිට ආර්ථික සැලැස්මක් තිබිය යුතුයි. ඒ අනුව රටේ නිෂ්පාදනය වැඩිකළ යුතුයි. එම නිෂ්පාදනය සඳහා රටේ ජනතාව සහභාගී කරගත යුතුයි. එම නිෂ්පාදනයේ ඵල සාධාරණ ආකාරයට ජනතාව අතර බෙදී යා යුතුයි.
දුමින්ද දිසානායක ඇමතිවරයා කියලා තිබුණා ඊළඟ ජනාධිපතිවරණයේදී ජවිපෙ ශී‍්‍රලනිපයට උදව් කරයි කියලා. ඒක දුමින්ද දිසානායක ඇමතිවරයාගේ හීනයක් විතරයි. එතුමගේ ලේකම්කමත් නැතිවෙලා. තව ටික දවසකින් ඇමතිකමත් නැතිවෙන්න පුළුවන්. ඊළඟ මැතිවරණයේදී මන්තී‍්‍රකම බේරා ගන්නේ කොහොමද කියලයි එතුමා කල්පනා කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ පැහැදිළිවම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා 20වැනි සංශෝධනය ගෙනත් තිබෙනවා. අපි ජනාධිපතිවරණයකදී කාට හෝ සහාය දීමක් නැහැ. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නයි. ඒ වගේම එතුමා කිව්වා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. එනිසා දුමින්ද ඇමතිවරයාට එවැනි ප්‍රකාශයක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ.
The post රටේ සම්පත් ආරක්ෂා කර ගැනීමට පාරේ සටනක් අවශ්‍ය නම් පාරට බහින්න අපි සූදානම් – වසන්ත සමරසිංහ. appeared first on Lanka News Column.
0 Comments