Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විත්තිකාර කාන්තාවකට සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස.

court-hammer

2012 වසරේ රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් මරා දැමීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයට පත්කර සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද(25) නියම කර ඇතැයි වාර්ථා වේ.

2012 වසරේ ජනවාරි මස 21 වන දා කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි නයනා නිල්මිණි නැමැති මවක සහ ඇයගේ දාහත් හැවිරිදි දියණිය වන කාවින්ද්‍යා චතුරංගි නැමැත්තිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන (රාජු) සහ අශෝකා චාන්දනී කුමාරි (බට්ටි) යන අඹුසැමි යුවළට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව  නිදහස් කරන ලෙසයි.

ඒ අනුව අශෝකා චාන්දනී කුමාරි නැමැති විත්තිකාරිය ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්වීම නිසා එම විත්තිකාරිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කර ඇතැයි පැවසේ.

එහෙත් පළමුවන විත්තිකරු වන ලොකුගම්හේවගේ දර්ශන නැමැත්තාට එරෙහිව විත්තියේ සාක්ෂි ඉදිරිපත් කරන මෙන් නියම කළ විනිසුරුවරයා ඔහු නොවැම්බර් මස 01 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට ද නියම කර ඇති අතර එදිනට විත්තියේ සාක්ෂි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ද විනිසුරුවරයා විත්තිකරුට නියම කර තිබේ.

The post විත්තිකාර කාන්තාවකට සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();