ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු දිවංගත අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන නමින් නම්කර ලබන අගෝස්තු 10 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතව තිබු කන්තලේ නගර ශාලාව, මහින්ද රාජපක්ෂ නගර ශාලාව ලෙස නම් කිරිමට තීරණය කර ඇති බව සඳහන් වේ. මහින්ද පිලට බලය හිමි කන්තලේ ප්‍රාදේශිය සභාව මෙම තීරණය ගෙන ඇතැයිද පැවසේ.
එමෙන්ම මහින්ද පිලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් බහුතරයකගේ අදහස වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම නගර ශාලාව ඉදිකිරිමට මුදල් ලබාදිම නිසා එසේ කළ යුතු බව යැයිද සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරු ගත් තීරණය පිළිබදව අදහස් දක්වා ඇති කන්තලේ ප්‍රාදේශිය සභාවේ සභාපති සමන් ඒකනායක,
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය සමයේ උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන යටිතල පහසුකම් දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ මුදල් ලබාදි මෙම නගර ශාලාව ඉදිකිරීමට තීරණය කල බවයි. එහි අඩුපාඩු රැසක් තියෙනවා. විවෘත කිරිමට ප්‍රථම ඒවා සකස් කිරිමට මිලියන 13ක ඇස්තමේන්තුවක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළා. ඉන් මිලියන 07ක් ලැබුණා. සම්පුර්ණ මුදල නොලැබුණ හොත් එදාට ජනාධිපතිතුමාට කලින් අපේ මන්ත්‍රිවරු නගර ශාලාව විවෘත කරාවි. එවිට මටත් මන්ත්‍රිවරු පාලනය කරගන්න බැරිවේවි යැයි පවසා තිබේ.
The post කන්තලේ නගර ශාලාවටත් මහින්ද රාජපක්ෂගෙ නම යොදන්න සූදානමක්? appeared first on Lanka News Column.
0 Comments