Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනුරාධපුරයේ ඝාතනය වූ තිදරු පියා කව්ද ? පොලිසිය

අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ තිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පොලීසිය පැවසුවේ, රම්පටි දේවගේ චමින්ද පුෂ්පකුමාර  හෙවත් පුල්ලෙයාර් චමින්ද සහ නාලක සුමේධ විජේසිරි යන අය මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිවද අධිකරණයේ නඩු 05ක් පවතින බවයි. 

ඒ අතර ස්ත්‍රී දූෂණ චෝදනා නඩුවක්ද වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉකුත් දා මෙලෙස පහර දී ඝාතනය කර තිබුණේ සුජීව ප‍්‍රසන්න කුමාර නැමැත්තා වන අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණි.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();