හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුත්තක් වෙනුවෙන් පළමු වරට අද (04) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පළාත් සභා මන්ත්රීවරුන් පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවය අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බවත් සඳහන් වේ.
ගෝඨාභය රාජපක්ෂට සෘජුව දේශපාලනයට පැමිණීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ප්රායෝගික දේශපාලන වැඩසටහනක් සැකසීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව ඔහු අද එම පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙනු ඇති බව පැවසේ.
The post ගෝඨා නැවත දේශපාලනයට පිවිසෙයි. appeared first on Lanka News Column.
0 Comments