Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස් ගත වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට රතු එළියක්.

lnc 4

පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට පැමිණ නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි සඳහන් කර ඇත්තේ, පශ්චාත් උපාධි හදාරන එක් ආචාර්යවරයෙකු සඳහා රජය රුපියල් ලක්ෂ 60 ක් පමණ වැය කරන බවත්  ඊට අමතරව අධ්‍යාපනය හදාරන කාලය තුළ වැටුප් ලබාදෙන බවත්ය.

එමෙන්ම පශ්චාත් උපාධි හැදෑරූ ආචාර්යවරුන් නැවත දිවයිනට නොපැමිණීම හේතුවෙන් වසරකට රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව ද ලේකම්වරයා පෙන්වා දී ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ, මේ හේතු සලකා බලා පශ්චාත් උපාධි හැදෑරිමෙන් පසුව නැවත මෙරටට පැමිණ නොමැති අචාර්යවරුන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව ඇපකරුවන්ගෙන් හෝ එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

The post විදෙස් ගත වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට රතු එළියක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();