කඩවත ප්‍රදේශයේ, එලායන්ස් ෂිපින් නමින් පවත්වාගෙන ගිය ආයතනයක් මඟින් නැව්වල රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රු. 3, 997,000/- ක මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියට ලද පැමිණිලි 19 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් රඹුක්කන හා මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අද (05) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.
0 Comments