Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම – අවශ්‍ය කටයුතු සැලසුමට කඩිනමින් සාකච්ඡා, වදක තනතුරෙත් පුරප්පාඩුවක්.

Department_of_Prisons

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමට ඉදිරි දින කිහිපය තුළ අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ සඳහන් කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග රැසක් පවතින බවයි. විශේෂයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන වදක තනතුර මේ වන විටත් පුරප්පාඩු වී ඇති බැවින් එම පුරප්පාඩුව කඩිනමින් පිරවිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

ඊට අමතරව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ප්‍රධාන ගැටළු කිහිපයක් පවතින බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කොට කඩිනමින් විසදුම් ලබාගැනීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටී.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර  ඒ අනුව එම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ මහනුවර දී ප්‍රකාශ කළේය.

The post මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම – අවශ්‍ය කටයුතු සැලසුමට කඩිනමින් සාකච්ඡා, වදක තනතුරෙත් පුරප්පාඩුවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();