අධ්‍යයන හා සුභසධන ගැටළු වහා විසදන්නැයි ආණ්ඩුවට බල කර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් පිරිසක් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ප්‍රධාන ගෙට්ටුව හරස් කරමින්, විරෝධාතා උද්ඝෝෂණයක නිරත වූහ. මෙම විරෝධතා උද්ඝෝෂණය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා කළමනාකරණ පිඨයේ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කර තිබුණි.
ශිෂ්‍ය මර්දනය වහා නවතනු, විෂයන්ගේ ලකුණු මගඩිය වහා නතර කරනු, නින්දිත ලෙස විභාග අසමත් කරවීම වහා නවතනු, ආචාර්ය හිගයට වහා විසදුම් ලබා දෙනු සහ ශිෂ්‍ය සුභ සාධක ගැටළු වහා විසදනු යන සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිසුහු උදඝෝෂණයේ නිරත වූහ.
මෙම අවස්ථාවට සන්නිවේදන හා කළමනාකරන පීඨයේ සිසු සිසුවියන්ගේ දෙමව්පියන් ද සහභාගි වී සිටියහ.
2018 මැයි 01 වනදා සන්නිවේදන හා කළමනාකරණ පිඨයේ සිසුන් විසින් තමන මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න කිපයක් පදනම් කරගෙන පංති වර්ජනයක් ආරම්භ කළ බවත් එම පිඨායේ පිඨාධිපතිවරයා සිසුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබාදෙනු වෙනුවට, අත්තනොමතිකව සන්නිවේදන හා කළමනාකරණ පිඨය දින නියමයකින් තොරව වසා දමා, නේවාසිකාගාර වලින් ද සිසුන්ට ඉවත් වන ලෙසට නියෝග කර ඇත.
සන්නිවේදන හා කළමනකරණ පිඨයේ සියලු අක්‍රමිකතා වලට වගකිව යුතු අත්තනෝමතික පිඨාධිපති සම්බන්ධයෙන්, සිසුන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාත් විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිසම් සභාවේ සභාපතිවරයාත් උසස් අධ්‍යාපන ඇමතිවරයාත් හමු වී එම පීඨාධිපති සම්බන්ධයෙන් සිසුන් කරුණු පැහැදිලි කළ ද, මේ වන තෙක් පීඨාධිපති ගෙන යන දරදඩු පාලනයේ වෙනසක් සිදු වී නොමැති බවත් සිසුන් පවසති.
මෙම ප්‍රහ්න වලට වගකිව යුතු බලධාරීන් පීඨාධිපතිට එරෙහිව නිසි පියවර නොගැනීම නිසා සිසුන්ට පාරට බැසීමට සිදු වු බව සන්නිවේදන හා කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති සෙනවිරත්න අප සමග පැවැසීය.
– ශාන්ත විජේසුරිය
The post නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වටලයි. appeared first on Lanka News Column.
0 Comments