Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලාඕසයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයන් සිය ගණනක් අතුරුදන්

ලාඕසයේ ජල විදුලිබලාගාරයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් රැසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙසේ බිඳී ගොස් ඇත.
 
වේල්ල පුපුරායාමත් සමග විශාල ජල කදක් එතුලින් පිටව ගොස් ඇති අතර පහත් බිම්වල පිහිටි ගම්මාන 06 ක් ජලයෙන් යට වී ඇති අතර ඒ හේතුවෙන් හටගත් හදිසි ගංවතුර තත්ත්වය නිසා පුද්ගයින් 6000 කට අධික පිරිසකට තමන්ගේ නිවාස අහිමි වී ඇත.
 
වේල්ල බිඳී යාමට හේතුව මෙතෙක් හෙළි වී නැත.
 
එසේම මෙයින් වූ ජිවිත හානි පිළිබඳව මේ වන විට වාර්තා වී නොමැත. විපතට පත්වූවන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා රජය විසින් සහන කණ්ඩායම් යොදවා තිබේ.
 
එරට පරිසර අංශ හා තවත් අංශ ගණනාවක් මෙම විදුලිබලාගාරය ඉදිකිරීමට විරෝධතාවය දක්වා තිබූ  බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත. මෙම ජලාශය ඉදිකිරීමට පෙර එරට ජන කණ්ඩායම් කිහිපයක්ම හරස්කර වේල්ල බදින ලද ගඟ මුල්කරගෙන ඔවුන්ගේ ජීවිකාව ගෙන ගොස් තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();