Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන්යානා එන්නේ නෑ කිව්ව මත්තලට අද අළුයම ගුවන් යානා දෙකක් හදිසියේ ගිය හේතුව මෙන්න

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද 16 දින අලුයම පැවති අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය හේතුවෙන්, ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ඩුබායි සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානය , කටුනායක ගුවන් තොටුපොළ වෙත අද 16 දින අලුයම 4.35 ට ගොඩ බැස්සවීමට පැමිණියත්, පැවති අයහපත් කාළගුණික තත්වය නිසා, එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළට අලුයම 5.50 ට ගොඩ බස්වා තිබෙනවා.

පසුව යළිත් එම ගුවන් යානය උදෑසන 7.07 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත්ව, උදෑසන 7.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් යානය A- 330 එයා බස් වර්ගයේ යානයක්.

ඊට අමතරව ඉන්දියාවේ මුම්බායි සිට අලුයම 5.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 142 දරන ගුවන් යානය ද පැවති අයහපත් කාළගුණික තත්වය නිසා මත්තල ගුවන් තොටුපොළ වෙත අලුයම 6.00 ට ගොඩ බස්වා තිබුණා.

පසුව එම යානයත් කටුනායක ගුවන් තොටුපොළ අවට කාළගුණික තත්වය යහපත් වූ පසු , උදෑසන 7.20 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත් වී උදෑසන 7.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම යානයට A-320 එයා බස් වර්ගයේ ගුවන් යානයක්.

මෙම ගුවන් යානා දෙකේ සිටි ගුවන් මගීන් කිසිවෙකුත් මෙම ගුවන් යානා තුළින් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා නොතිබුණු බවයි වාර්තා වන්නේ.



from Gossip Lanka News & Video https://ift.tt/2uq2L3O
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();