ඊයේ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් විසින් පවත්වන ලද සාමකාමී උද්ඝෝෂණයට එජාපයට සම්බන්ධ මැර පිරිසක් පහරදීම නිසා ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම රෝහල්ගත කළ බවත් මෙම මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින්,
ලංකා ගුරුසේවා සංගම් සභාපතිවරයාට එල්ල කළ මැර ප්‍රහාරය හෙලා දකිමු!
ගුරු සේවයේ ඉතාම සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (ජූලි 04) බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් විසින් පවත්වන ලද සාමකාමී උද්ඝෝෂණයට එජාපයට සම්බන්ධ මැර පිරිසක් පහරදීම නිසා ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම සහෝදරයා රෝහල්ගත කරනු ලැබ තිබේ. පළමුවෙන්ම මෙම මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිමු.
මෙය අහම්බය හෝ සරල සිදුවීමක් ලෙස බැහැර කළ නොහැකි බරපතළ සිදුවීමකි. මෙයින් අඟවන්නේ වෘත්තීය සමිති මර්දනය කළ, සමිති නායකයින් දඩයම් කළ හා බියවැද්¥ සිය අතීතයට ආපසු යාමට එජාපය උත්සාහ දරන බවකි. එක්තරා වකවානුවක එජාප වෘත්තීය සමිතිවල මැරයන්ගෙන් ‘තග් සංස්ථාව’ පිහිටුවා කම්කරුවන් හා කම්කරු නායකයන් මර්දනය කළ හා ඝාතනය කළ එජාපය දැන් යළිත් වෘත්තීය සමිති නායකයන්ට පහර දීම අරඹා ඇත. මෙය එජාපය ඊනියා යහපාලන පිරුවටය යටින් ඇති සිය නග්න හෙළුව පෙන්වීමක් මිස අන් යමක් නොවේ.
රටට අහිතකර ගිවිසුම් අත්සන් කරමින්, ආර්ථිකය අධිරාජ්‍යවාදී වුවමනාවන්ට යටකරමින්, එහිම අවශ්‍යතාවයන්ට අනුව රාජ්‍ය සේවය දියකර හරිමින්, රාජ්‍ය සේවයේ පොදු නීති රීති උල්ලංඝනය කොට තම පාක්ෂිකයන්ට තනතුරු හා වරදාන ලබාදෙමින් යන විනාශකාරී ගමනට හරස්වන බලවේගවලට එරෙහිව මැරබලය යෙදවීමට තමන් සූදානම් බව මේ ප්‍රහාරය මගින් එජාපය පෙන්වාදී තිබේ.
එබැවින් ගුරුසේවා සංගම් සභාපතිවරයාට එල්ල කළ මෙම මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අපි මෙම ප්‍රහාරයට සම්බන්ධ මැරයන් වහාම නීතිය ඉදිරියට පමුණුවන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු. එසේම මෙවැනි මැරකි්රයා පරාජය කිරීම සඳහාත්, තම අයිතීන් දිනාගැනීම සඳහාත්, සමගියෙන් පෙළගැසෙන ලෙස සියලූම වැඩකරන ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
The post ලංකා ගුරුසේවා සංගම් සභාපතිවරයාට එල්ල කළ මැර ප්‍රහාරය හෙලා දකින බව ජවිපෙ කියයි. appeared first on Lanka News Column.
0 Comments