Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශීය ආයුර්වේද ඖෂධ මෙරටදීම වගා කරන්න, සුව ඇමැතිගෙන් උපදෙස්.

 Rajitha_Senarathne_Minister
විදේශීය රටවලින් ආනයනය කරන ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ඖෂධ වර්ග මෙරටදීම වගා කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති උපදේශක කමිටු රැස්වීමේ දීය.
 
කටුවැල්බටු, වියළි ඉගුරු, පත්පාඩගම්, වියළි නෙල්ලි, එඩරු තෙල්, හීන් ඉරමුසු, අඹ තෙල්, ඉගුරු පියලි, අසමෝදගම් මෙරටදීම වගා කර ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත. 2016 /2017  වසර තුල මෙම ඖෂධ තීරු බදු රහිතව ආනයනය කිරිම සදහා රුපියල් මිලියන 65 ක මුදලක් රජය විසින් දරා ඇත. දැනට තීරුබදු රහිතව විදේශීය රටවලින් ඖෂධ වර්ග 142 ක් ආනයනය කරන බව ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම ඖෂධ 2016-2017 වර්ෂ වල ආනයනය කිරිම සදහා රජය විසින් දරා ඇති මුදල රුපියල් 171,810,164.50 කි. මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
 

The post දේශීය ආයුර්වේද ඖෂධ මෙරටදීම වගා කරන්න, සුව ඇමැතිගෙන් උපදෙස්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();