පසුගිය දිනවල සිංහරාජ රක්ෂිත අවට ජනතාවට සිදු වූ ජීවිත හානි හා දේපළ හානි සහ අලි දෙදෙනාගේ ජීවිත ආරක්ෂව සඳහා කඩිනම් පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු වූ අතර ඒ අනුව එම අලින් දෙදෙනා සදහා රැදවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇතිබව වාර්තා වේ. මෙම අලි දෙදෙනාට ගැලපෙන පාරිසරික තත්ත්වයන් සහිත කලවාන දොලේකන්ද ග්රාමනිලධාරි වසමේ, පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීම පිණිස තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.
The post සිංහරාජ අලින් දෙදෙනා රැඳවුම් මධ්‍යස්ථානයකට. appeared first on Lanka News Column.
0 Comments